යාල ජාතික වනෝද්‍යානය
යාල ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානයයි. එය රෙට් ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. උද්‍යානය කොළඹ සිට එනම් ශ්‍රී ලංකාවේ අග නගරයේ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇත. යාල ශ්‍රී ලංකාවේ ඌව සහ දකුණු නම් වූ පළාත් දෙකකට අයත් වේ. උද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.
යාල වනෝද්‍යානයේ වෙරළ බඩ නැගී සිටින ගල් කුලක්
යාල ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි ප‍්‍රමාණයක පැතිර ඇති ප‍්‍රධානම ජාතික වනෝද්‍යානයකි.ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්‍ෂිතය වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි.
රක්‍ෂිතයෙන් වැඩිප‍්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ ප‍්‍රමාණයකට වාස භූමිය සපයයි.
යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාති‍්‍රයේ හැසිරෙන විශාල ප‍්‍රමාණයේ මාංශභක්ශක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.
2004 දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි උවදුරින් වනජීවී සංරක්‍ෂණ මධ්‍යස්ථානය සහ සංරාචක බංගලාව විනාශ වී ගිය අතර ජීවිත හානිද සිදු විය.සිදු වූ ජීවිත හානි අතර සංරාචක බංගලාවේ සේවකයින් සහ විදේශිකයින්ද වූහ. මෙහිදී සත්ව ජීවිත විශාල වශයෙන් විනාශ නොවීමට හේතුව සුනාමි රළ පැමිණෙන බවට සංවේදන ග‍්‍රහණය කර ගත් සත්වයින් උස් භූමි පෙදෙස් වලට පලා යාමයි.පසුව යාල වනෝද්‍යානය නැවත විවෘත කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යාන දෙකෙන් එකකි. යාල වානෝද්යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්‍රකටම වනෝද්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ශ්‍රී ලංකාවෙ මෙම වනෝද්‍යානය ඉතා හොදින් ප්‍රකටව පවති. යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයමි බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් උසස් කරන ලදි. පසුව ඉතිරි කලාප හතර ද යාල වානෝද්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත්කරනු ලැබිය. උද්‍යානය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක් ද වෙයි.
පිහිටිම
උද්‍යානයේ උතුරු වයඹ බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත්වෙ. දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් දකුණු පළාතේ හමිබන්තොට දිස්ත්‍රික්කයට අයත් වන අතර දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශ ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවති.
උද්‍යානය වෙත පිවිසිම
කොළඹ සිට හම්බන්තොට තිස්සමහාරාමය කිරින්ද පාරේ පැමිණ යාල හන්දියෙන් හැරි පළටුපාන උද්‍යාන මුලස්ථානය එක් ප්‍රවෙශ මාර්ගයකි.
කොළඹ රත්නපුර ඇඹිලිපිටිය සුරියවැව මිරිඡ්ජවිල හමිබන්තොට හරහා හෝ
කොළඹ රත්නපුර උඩවලව තණමල්විල තිස්සමහාරාමය යාල හන්දියට පැමිණ ද
තණමල්විල ලුණුගමිවෙහෙර හන්දියෙන් එම ජලාශ වෙල්ල මතින් කතරගමට පැමිණ ද උද්‍යානයට ළඟා විය හැකිය.
මහියංගන බිබිල බුත්තල සෙල්ලකතරගම කටගමුව ද එක් පිවිසුමි මාර්ගයකි.
පහසුකම්
උද්යාමනය තුළ සංචාරක නිවහන් 7ක් ඇත. වා ගත හැකි නිවහනක්ද වෙයි.
උද්‍යානය තුළ ප්‍රවෙශ මාර්ග
ඉතා හොඳ ප්‍රවෙශ මාර්ග පද්ධතියක් ඇත. ප්‍රධාන මාර්ගය පළටුපාන සිට මැණික් ගඟ පරණ තොටුපළ දක්වා දිවෙ.අතුරු මාර්ග පද්ධතිය ප්‍රධාන මාර්ගයේ සිට ඌරණිය බුතවපිටිය ප්‍රධාන මාර්ගය, ගෝනලැහැබ මැද පාර තල්ගස්මංකඩ වරහන ප්‍රධාන මාර්ගය-යාල හරහා තල්ගස්මංකඩ බුතව-ස්පිල් පාර හරහා ආකාශ චෛත්‍යයේ සිට තල්ගස්මංකඩ බුතව වැව-ගෝනගල හීන්වැව මාපටිටිය විල ජඹුරාගල හරහා බුතල වැව යනාදිය ප්‍රවෙශ මාර්ග යාලයේ ප්‍රධානතම තැන් ය. මෙ අතරින් ගෝනලැහැබ මැද පාර ඌරණිය මාර්ග යාල හරහා තල්ගස්මංකඩ, රුක්විල, කොටිගල ,රකිනවල සුදුවැලිමුල්ල පාර කරවිගස්වල මැද පාර කොටියා දැක ගැනිම සඳහා ඉතා ප්‍රකට තැන්ය. සංචාරකයන් සඳහා දැනට ප්‍රධාන වශයෙන් විවෘතව ඇත්තේ යාල කලාප අංක එක ය.
උද්‍යානයේ භෞතික ලක්ෂණ
කලාප අංක එක තුළ බුතව ,හින්වැව ,ගෝනගල ,කොමාවැව ,පටනංගල වැව ,පළටුපාන ,බන්දු වැව, දර්ශන වැව, වශයෙන් ප්‍රධාන වැව් රැසකි. තව ද විලපලා වැව හා මෙනටි වැව ලෙස කුඩා වැවි දෙකක් ද රුක්විල, පටිටියවිල,දෙබරගස්වල, ඛරවිගස්වල ,රනිවල වශයෙන් දියවළවල්ද රැසකි. බුතවල ,ගෝන ලැහැබ හා කුඩා සිලව ලෙස කලපු තුනක්ද මෙහි වෙි. කලාප අංක දෙක තුළ අතුරු මිතුරු වැව හා මහවැව ප්‍රචලිත ය. වළස්කෙම ලෙස ප්‍රකට දිය වළකි .කලපු ලෙස පිළිනන්නාව, ඉහළ පොත්තන ,පහළ පොත්තන,මහිරාව ,ගජබාව ප්‍රකටය. මැණික් ගඟ මෝය ,කටුපිළ ආර, කඩොලාන පරිසර පද්ධති මෙහි වැදගත් ස්ථානය . මැණික් ගඟ හා කුඹුක්කන් ඔය උද්‍යානය තුළින් ගලා යන ප්‍රධාන ජලාධාර දෙකකි .කලාප අංක පහ තුළ හෙක්ටයාර් 1500 කින් සමන්විත වෙහෙරගල ජලාශය ඉදිවෙයි. සමස්තයක් ලෙස ගත් කල යාල යනු තැනිතලා වනබද උද්‍යානයකි.
විකිපීඩියා ඇසුරෙනි
No comments:
Post a Comment