නිදහස් මෘදුකාංග
නිදහස් මෘදුකාංග යනු මොනවාද?
“නිදහස් මෘදුකාංග” යන්න ඇසූ පමනින් ඔබේ මනස දෙලොවක අතරමං වේද? නැති නම් ලෝක කිහිපයක?.
නිදහස් මෘදුකාංග යනු තහනමකින් තොරව භාවිත කල හැකි අධ්‍යනය කල හැකි සහ නවීකරණය කල හැකි මෘදුකාංග වන ඒවා තහනමකින් තොරව නවීකරණය කර හෝ නොකර පිටපත් කල සේම නැවත බෙදා හැරීමටද හැක. සමහර මෘදුකාංග පිටපත් ලබන්නන්ටද මෙම වෙනස් කිරීමට අවශ්‍ය වන සේ ඉතා අවම තහංචි පනවා ඇත. මෙම මෘදුකාංග නොමිලේ බෙදාහැරිය යුතු අතර පුද්ගලයකුට භාවිත කල හැකි වන සේ වැඩසටහන් කේතයන් සහ අවසර ලබා සදන අවසරපතක් ලබන්නා වෙතට මෘදුකාංග සමඟ පත්කල යුතුය. මෙම අවසර පත “නිදහස් මෘදුකාංග අවසරපත” නම් වන අතර එමගින් කියැවෙන්නේ අදාල මෘදුකාංගයේ කේත මහජනකරණය කළ බවයි. සෑම පරිගණක භාවිතා කරන්නකුටම නිදහස ලබා දීමේ උදාරචේතනාවෙන් මෙම “නිදහස් මෘදුකාංග ව්‍යාපාරයේ” 1983 දී රිචඩ් ස්ටෝමන් විසින් ඇරඹීය. 1990 ගණන්වල සිට මේ ආකාරයේ මෘදුකාංග හැඳින්වනු ලබන්නේ “විවෘත මූලාශ්‍ර මෘදුකාංග” Open source software" යන යෙදුමෙනි තවද FOSS සහ FLOSS" යන යෙදුම්ද නිතරම භාවිත වේ. එසේම “නිදහස් නොවන මෘදුකාංග” යන යෙදුම් ඊට විරුද්ධාර්ත පදයයි. අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමකින් තොරව ලබා ගත හැකි මෘදුකාංග (freeware) වලින් නිදහස් මෘදුකාංග වෙනස් වේ. නිදහස් මෘදුකාංග වලට හිමිකාරීත්වයක් ලැබීම මෙම වෙනසයි. එසේම නිදහස් මෘදුකාංග මෙන් අන්තර්ජාලයෙන් මුදල් ගෙවිමකින් තොරව ලබා ගන්නා මෘදුකාංග අධ්‍යයනයට ,නවීකරණයට පෙර නැවත බෙදාහැරීමට පරිශීලකයාට හැකිනොවේ. මෙම වර්ග 2 අතර ඇති එකම සමාන කම වන්නේ ඕනෑම අයෙකුට භාවිත කිරීමට හැකිවීම පමණි. නිදහස් මෘදුකාංග නොමිලේ බෙදාහැරීම ඇරඹූ දා සිටම එය ගාස්තුවක් අය නොකර හෝ ඉතාම අවම ගාස්තුවක් අයකරගෙන ලබාදේ. නිදහස් මෘදුකාංග ව්‍යාපාර ආකෘති පදනම්ව ඇත්තේ සහාය ලබාදීමේ ,පුහුණු කිරීමේ, නවීකරණ කිරීමේ, ඒකාබද්ධ වීම් ,හෝ හතික කිරීම් වැනි වටිනාකම් එක් කිරීමෙනි. එමෙන්ම සමහර ව්‍යාපාර ආකෘති හරහා හිමිකාරීත්ව මෘදුකාංග ලබා දුන්නද ඒවා නිදහස් මෘදුකාංග වලින් වෙනස් වන්නේ එකී හිමිකාරීත්ව මෘදුකාංග නීත්‍යානුකූලව භාවිතයට ලබා ගත යුතු අවසර පත්‍රය ගෙවීමකින් අනතුරුව ලබාගත යුතු නියාවෙනි.
විවෘත කේත මෘදුකාංග යන්න බොහෝ අය බොහෝ විට නිදහස් මෘදුකාංග සමග පටලවා ගනී. නමුත් විවෘත කේත මෘදුකාංග සහ නිදහස් මෘදුකාංග යන්න හාත්පසින් වෙනස් මතෘකා දෙකකි.
රිචඩ් එම් ස්ටෝල්මන් 80 දශකයේ මුල් භාගයේ ග්නූ ව්‍යාපෘතිය ඇරඹීමත් සමග නිදහස් මෘදුකාංග යන්න කරලියට පැමිනුණි. ඔහුගේ වෑයම වූයේ සම්පූර්ණයෙන්ම නිදහස් මෙහෙයුම් පද්ධතියක් නිරමාණය කිරීමයි. එය
යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ ආරට යමින් නිර්මාණය වීය. GNU යන්නෙහි අරුත Gnu is Not Unix හෙවත් ග්නූ යනු යුනික්ස් නොවේ යන්නයි. මේ සමගම එලි දැක්වුනු GPL(General Public Licence) යන්න
නිදහස් මෘදුකාංග ආවරණය සඳහා හඳුන්වා දෙන ලදී.
යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ ආරට යමින් නිර්මාණය වීය. GNU යන්නෙහි අරුත Gnu is Not Unix හෙවත් ග්නූ යනු යුනික්ස් නොවේ යන්නයි. මේ සමගම එලි දැක්වුනු GPL(General Public Licence) යන්න
නිදහස් මෘදුකාංග ආවරණය සඳහා හඳුන්වා දෙන ලදී.
- නිදහස් මෘදුකාංගයක තිබිය යුතු ගුණාංග 4කි.
- Freedom 0 : The freedom to run the program a you wish.
- නිදහස 0: වැඩසටහන කැමති පරිදි භාවිත කිරීමේ නිදහස.
- Freedom 1 : The freedom to study the source code and changing it to do what you wish.
- නිදහස 0: ප්‍රභව කේතය අධ්‍යයනයට සහ වෙනස් කිරීමට නිදහස.
- Freedom 2 : The freedom to make copies and to distribute to the others.
- නිදහස 0: මෘදුකාංගය පිටපත් කිරීමේ සහ අන් අයට ලබා දීමේ නිදහස.
- Freedom 3 : The freedom to publish or, more generally, distribute modified versions.
- නිදහස 0: වෙනස් කරන ලද මෘදුකාංග පිටපත් බෙදා හැරීමේ නිදහස
කිසියම් මෘදුකාංගයක් නිදහස් මෘදුකාංගයක් වීමට ඉහත සියලු ලක්ෂණ දැරිය යුතුය.
විවෘත කේත මෘදුකාංග යන්න ලෝකයට බිහි වූයේ 1998 දීය. බෲස් පෙරන්ස් සහ එරික් එස් රේමන් මූලිකත්වයෙන් මෙය ඇරඹුනේ Netscape communicator විවෘත කේත මෘදුකාංගයක් බවට පත් කරමිනි.
කෙසේ වෙතත් මේ වන විට විවෘත කේත මෘදුකාංග ඉතා ජනප්‍රිය වී ඇත. එම නිසා මේ දෙක අතර මැද මාවතක් තෝරා ගනිමින් ඒ දෙක පිළිබඳවම කතිකා කිරීමේ පහසුවට “නිදහස් හා විවෘත කේත මෘදුකාංග”
යන යෙදුම අද අපි “සිංහලෙන් ෆොස්” තුළ භාවිත කරමු.
කෙසේ වෙතත් මේ වන විට විවෘත කේත මෘදුකාංග ඉතා ජනප්‍රිය වී ඇත. එම නිසා මේ දෙක අතර මැද මාවතක් තෝරා ගනිමින් ඒ දෙක පිළිබඳවම කතිකා කිරීමේ පහසුවට “නිදහස් හා විවෘත කේත මෘදුකාංග”
යන යෙදුම අද අපි “සිංහලෙන් ෆොස්” තුළ භාවිත කරමු.
Wikipedia හා සිංහලෙන් FOSS ඇසුරෙනි...............Asela Sampath...........................☺☺☺☺☺☺☺☺
No comments:
Post a Comment