Asela Sampath

Asela Sampath
Creative Photos

Thursday, September 4, 2014



නිදහස් මෘදුකාංග

 


නිදහස් මෘදුකාංග යනු මොනවාද?


“නිදහස් මෘදුකාංග” යන්න ඇසූ පමනින් ඔබේ මනස දෙලොවක අතරමං වේද? නැති නම් ලෝක කිහිපයක?.

 නිදහස් මෘදුකාංග යනු තහනමකින් තොරව භාවිත කල හැකි අධ්‍යනය කල හැකි සහ නවීකරණය කල හැකි මෘදුකාංග වන ඒවා තහනමකින් තොරව නවීකරණය කර හෝ නොකර පිටපත් කල සේම නැවත බෙදා හැරීමටද හැක. සමහර මෘදුකාංග පිටපත් ලබන්නන්ටද මෙම වෙනස් කිරීමට අවශ්‍ය වන සේ ඉතා අවම තහංචි පනවා ඇත. මෙම මෘදුකාංග නොමිලේ බෙදාහැරිය යුතු අතර පුද්ගලයකු‍ට භාවිත කල හැකි වන සේ වැඩසටහන් කේතයන් සහ අවසර ලබා සදන අවසරපතක් ලබන්නා වෙතට මෘදුකාංග සමඟ පත්කල යුතුය. මෙම අවසර පත “නිදහස් මෘදුකාංග අවසරපත” නම් වන අතර එමගින් කියැවෙන්නේ අදාල මෘදුකාංගයේ කේත මහජනකරණය කළ බවයි. සෑම පරිගණක භාවිතා කරන්නකුටම නිදහස ලබා දීමේ උදාරචේතනාවෙන් මෙම “නිදහස් මෘදුකාංග ව්‍යාපාරයේ” 1983 දී රිචඩ් ස්ටෝමන් විසින් ඇරඹීය. 1990 ගණන්වල සිට මේ ආකාරයේ මෘදුකාංග හැඳින්වනු ලබන්නේ “විවෘත මූලාශ්‍ර මෘදුකාංග” Open source software" යන යෙදුමෙනි තවද FOSS සහ FLOSS" යන යෙදුම්ද නිතරම භාවිත වේ. එසේම “නිදහස් නොවන මෘදුකාංග” යන යෙදුම් ඊට විරුද්ධාර්ත පදයයි. අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමකින් තොරව ලබා ගත හැකි මෘදුකාංග (freeware) වලින් නිදහස් මෘදුකාංග වෙනස් වේ. නිදහස් මෘදුකාංග වලට හිමිකාරීත්වයක් ලැබීම මෙම වෙනසයි. එසේම නිදහස් මෘදුකාංග මෙන් අන්තර්ජාලයෙන් මුදල් ගෙවිමකින් තොරව ලබා ගන්නා මෘදුකාංග අධ්‍යයනයට ,නවීකරණයට පෙර නැවත බෙදාහැරීමට පරිශීලකයාට හැකිනොවේ. මෙම වර්ග 2 අතර ඇති එකම සමාන කම වන්නේ ඕනෑම අයෙකුට භාවිත කිරීමට හැකිවීම පමණි. නිදහස් මෘදුකාංග නොමිලේ බෙදාහැරීම ඇරඹූ දා සිටම එය ගාස්තුවක් අය නොකර හෝ ඉතාම අවම ගාස්තුවක් අයකරගෙන ලබාදේ. නිදහස් මෘදුකාංග ව්‍යාපාර ආකෘති පදනම්ව ඇත්තේ සහාය ලබාදීමේ ,පුහුණු කිරීමේ, නවීකරණ කිරීමේ, ඒකාබද්ධ වීම් ,හෝ හතික කිරීම් වැනි වටිනාකම් එක් කිරීමෙනි. එමෙන්ම සමහර ව්‍යාපාර ආකෘති හරහා හිමිකාරීත්ව මෘදුකාංග ලබා දුන්නද ඒවා නිදහස් මෘදුකාංග වලින් වෙනස් වන්නේ එකී හිමිකාරීත්ව මෘදුකාංග නීත්‍යානුකූලව භාවිතයට ලබා ගත යුතු අවසර පත්‍රය ගෙවීමකින් අනතුරුව ලබාගත යුතු නියාවෙනි.
                                            විවෘත කේත මෘදුකාංග යන්න බොහෝ අය බොහෝ විට නිදහස් මෘදුකාංග සමග පටලවා ගනී. නමුත් විවෘත කේත මෘදුකාංග සහ නිදහස් මෘදුකාංග යන්න හාත්පසින් වෙනස් මතෘකා දෙකකි.
රිචඩ් එම් ස්ටෝල්මන් 80 දශකයේ මුල් භාගයේ ග්නූ ව්‍යාපෘතිය ඇරඹීමත් සමග නිදහස් මෘදුකාංග යන්න කරලියට පැමිනුණි. ඔහුගේ වෑයම වූයේ සම්පූර්ණයෙන්ම නිදහස් මෙහෙයුම් පද්ධතියක් නිරමාණය කිරීමයි. එය
යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ ආරට යමින් නිර්මාණය වීය. GNU යන්නෙහි අරුත Gnu is Not Unix හෙවත් ග්නූ යනු යුනික්ස් නොවේ යන්නයි. මේ සමගම එලි දැක්වුනු GPL(General Public Licence) යන්න
නිදහස් මෘදුකාංග ආවරණය සඳහා හඳුන්වා දෙන ලදී.

  • නිදහස් මෘදුකාංගයක තිබිය යුතු ගුණාංග 4කි.
  • Freedom 0 : The freedom to run the program a you wish.
  • නිදහස 0: වැඩසටහන කැමති පරිදි භාවිත කිරීමේ නිදහස.
  • Freedom 1 : The freedom to study the source code and changing it to do what you wish.
  • නිදහස 0: ප්‍රභව කේතය අධ්‍යයනයට සහ වෙනස් කිරීමට නිදහස.
  • Freedom 2 : The freedom to make copies and to distribute to the others.
  • නිදහස 0: මෘදුකාංගය පිටපත් කිරීමේ සහ අන් අයට ලබා දීමේ නිදහස.
  • Freedom 3 : The freedom to publish or, more generally, distribute modified versions.
  • නිදහස 0: වෙනස් කරන ලද මෘදුකාංග පිටපත් බෙදා හැරීමේ නිදහස

කිසියම් මෘදුකාංගයක් නිදහස් මෘදුකාංගයක් වීමට ඉහත සියලු ලක්ෂණ දැරිය යුතුය.

 විවෘත කේත මෘදුකාංග යන්න ලෝකයට බිහි වූයේ 1998 දීය. බෲස් පෙරන්ස් සහ එරික් එස් රේමන් මූලිකත්වයෙන් මෙය ඇරඹුනේ Netscape communicator විවෘත කේත මෘදුකාංගයක් බවට පත් කරමිනි.
කෙසේ වෙතත් මේ වන විට විවෘත කේත මෘදුකාංග ඉතා ජනප්‍රිය වී ඇත. එම නිසා මේ දෙක අතර මැද මාවතක් තෝරා ගනිමින් ඒ දෙක පිළිබඳවම කතිකා කිරීමේ පහසුවට “නිදහස් හා විවෘත කේත මෘදුකාංග”
යන යෙදුම අද අපි “සිංහලෙන් ෆොස්” තුළ භාවිත කරමු.


Wikipedia හා සිංහලෙන් FOSS ඇසුරෙනි...............Asela Sampath...........................☺☺☺☺☺☺☺☺

Sunday, June 22, 2014

                          යාල ජාතික වනෝද්‍යානය                  



යාල ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානයයි. එය ර‍ෙට් ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. උද්‍යානය කොළඹ සිට එනම් ශ්‍රී ලංකාවේ අග නගරයේ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇත. යාල ශ්‍රී ලංකාවේ ඌව සහ දකුණු නම් වූ පළාත් දෙකකට අයත් වේ. උද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.

                                                යාල වනෝද්‍යානයේ වෙරළ බඩ නැගී සිටින ගල් කුලක්



යාල ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි ප‍්‍රමාණයක පැතිර ඇති ප‍්‍රධානම ජාතික වනෝද්‍යානයකි.ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්‍ෂිතය වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි.

රක්‍ෂිතයෙන් වැඩිප‍්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ ප‍්‍රමාණයකට වාස භූමිය සපයයි.

යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාති‍්‍රයේ හැසිරෙන විශාල ප‍්‍රමාණයේ මාංශභක්ශක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.

2004 දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි උවදුරින් වනජීවී සංරක්‍ෂණ මධ්‍යස්ථානය සහ සංරාචක බංගලාව විනාශ වී ගිය අතර ජීවිත හානිද සිදු විය.සිදු වූ ජීවිත හානි අතර සංරාචක බංගලාවේ සේවකයින් සහ විදේශිකයින්ද වූහ. මෙහිදී සත්ව ජීවිත විශාල වශයෙන් විනාශ නොවීමට හේතුව සුනාමි රළ පැමිණෙන බවට සංවේදන ග‍්‍රහණය කර ගත් සත්වයින් උස් භූමි පෙදෙස් වලට පලා යාමයි.පසුව යාල වනෝද්‍යානය නැවත විවෘත කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යාන දෙකෙන් එකකි. යාල වානෝද්යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්‍රකටම වනෝද්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ශ්‍රී ලංකාවෙ මෙම වනෝද්‍යානය ඉතා හොදින් ප්‍රකටව පවති. යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයමි බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් උසස් කරන ලදි. පසුව ඉතිරි කලාප හතර ද යාල වානෝද්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත්කරනු ලැබිය. උද්‍යානය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක් ද වෙයි.

පිහිටිම

උද්‍යානයේ උතුරු වයඹ බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත්වෙ. දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් දකුණු පළාතේ හමිබන්තොට දිස්ත්‍රික්කයට අයත් වන අතර දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශ ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවති.

උද්‍යානය වෙත පිවිසිම

කොළඹ සිට හම්බන්තොට තිස්සමහාරාමය කිරින්ද පාරේ පැමිණ යාල හන්දියෙන් හැරි පළටුපාන උද්‍යාන මුලස්ථානය එක් ප්‍රවෙශ මාර්ගයකි.
කොළඹ රත්නපුර ඇඹිලිපිටිය සුරියවැව මිරිඡ්ජවිල හමිබන්තොට හරහා හෝ
කොළඹ රත්නපුර උඩවලව තණමල්විල තිස්සමහාරාමය යාල හන්දියට පැමිණ ද
තණමල්විල ලුණුගමිවෙහෙර හන්දියෙන් එම ජලාශ වෙල්ල මතින් කතරගමට පැමිණ ද උද්‍යානයට ළඟා විය හැකිය.
මහියංගන බිබිල බුත්තල සෙල්ලකතරගම කටගමුව ද එක් පිවිසුමි මාර්ගයකි.
පහසුකම්
උද්යාමනය තුළ සංචාරක නිවහන් 7ක් ඇත. වා ගත හැකි නිවහනක්ද වෙයි.

උද්‍යානය තුළ ප්‍රවෙශ මාර්ග


ඉතා හොඳ ප්‍රවෙශ මාර්ග පද්ධතියක් ඇත. ප්‍රධාන මාර්ගය පළටුපාන සිට මැණික් ගඟ පරණ තොටුපළ දක්වා දිවෙ.අතුරු මාර්ග පද්ධතිය ප්‍රධාන මාර්ගයේ සිට ඌරණිය බුතවපිටිය ප්‍රධාන මාර්ගය, ගෝනලැහැබ මැද පාර තල්ගස්මංකඩ වරහන ප්‍රධාන මාර්ගය-යාල හරහා තල්ගස්මංකඩ බුතව-ස්පිල් පාර හරහා ආකාශ චෛත්‍යයේ සිට තල්ගස්මංකඩ බුතව වැව-ගෝනගල හීන්වැව මාපටිටිය විල ජඹුරාගල හරහා බුතල වැව යනාදිය ප්‍රවෙශ මාර්ග යාලයේ ප්‍රධානතම තැන් ය. මෙ අතරින් ගෝනලැහැබ මැද පාර ඌරණිය මාර්ග යාල හරහා තල්ගස්මංකඩ, රුක්විල, කොටිගල ,රකිනවල සුදුවැලිමුල්ල පාර කරවිගස්වල මැද පාර කොටියා දැක ගැනිම සඳහා ඉතා ප්‍රකට තැන්ය. සංචාරකයන් සඳහා දැනට ප්‍රධාන වශයෙන් විවෘතව ඇත්තේ යාල කලාප අංක එක ය.



උද්‍යානයේ භෞතික ලක්ෂණ

කලාප අංක එක තුළ බුතව ,හින්වැව ,ගෝනගල ,කොමාවැව ,පටනංගල වැව ,පළටුපාන ,බන්දු වැව, දර්ශන වැව, වශයෙන් ප්‍රධාන වැව් රැසකි. තව ද විලපලා වැව හා මෙනටි වැව ලෙස කුඩා වැවි දෙකක් ද රුක්විල, පටිටියවිල,දෙබරගස්වල, ඛරවිගස්වල ,රනිවල වශයෙන් දියවළවල්ද රැසකි. බුතවල ,ගෝන ලැහැබ හා කුඩා සිලව ලෙස කලපු තුනක්ද මෙහි වෙි. කලාප අංක දෙක තුළ අතුරු මිතුරු වැව හා මහවැව ප්‍රචලිත ය. වළස්කෙම ලෙස ප්‍රකට දිය වළකි .කලපු ලෙස පිළිනන්නාව, ඉහළ පොත්තන ,පහළ පොත්තන,මහිරාව ,ගජබාව ප්‍රකටය. මැණික් ගඟ මෝය ,කටුපිළ ආර, කඩොලාන පරිසර පද්ධති මෙහි වැදගත් ස්ථානය . මැණික් ගඟ හා කුඹුක්කන් ඔය උද්‍යානය තුළින් ගලා යන ප්‍රධාන ජලාධාර දෙකකි .කලාප අංක පහ තුළ හෙක්ටයාර් 1500 කින් සමන්විත වෙහෙරගල ජලාශය ඉදිවෙයි. සමස්තයක් ලෙස ගත් කල යාල යනු තැනිතලා වනබද උද්‍යානයකි.

විකිපීඩියා ඇසුරෙනි 

Monday, June 9, 2014


                                                            football
                   


                  Football refers to a number of sports that involve, to varying degrees, kicking a ball with the foot to score a goal. The most popular of these sports worldwide is association football, more commonly known as just "football" or "soccer". Unqualified, the word football applies to whichever form of football is the most popular in the regional context in which the word appears, including association football, as well as American football, Australian rules football, Canadian football, Gaelic football, rugby league, rugby union, and other related games. These variations of football are known as football codes.

Various forms of football can be identified in history, often as popular peasant games. Contemporary codes of football can be traced back to the codification of these games at English public schools in the eighteenth and nineteenth centuries.The influence and power of the British Empire allowed these rules of football to spread to areas of British influence outside of the directly controlled Empire,though by the end of the nineteenth century, distinct regional codes were already developing: Gaelic Football, for example, deliberately incorporated the rules of local traditional football games in order to maintain their heritage.In 1888, The Football League was founded in England, becoming the first of many professional football competitions. During the twentieth century, several of the various kinds of football grew to become among the most popular team sports in the world.

The various codes of football share certain common elements. Players in American football, Canadian football, rugby union and rugby league take-up positions in a limited area of the field at the start of the game.They tend to use throwing and running as the main ways of moving the ball, and only kick on certain limited occasions. Body tackling is a major skill, and games typically involve short passages of play of 5–90 seconds. Association football, Australian rules football and Gaelic football tend to use kicking to move the ball around the pitch, with handling more limited. Body tackles are less central to game, and players are more free to move around the field (offside laws are typically less strict).

Common rules among the sports include:[citation needed]


  • Two teams of usually between 11 and 18 players; some variations that have fewer players (five or more per team) are also popular.

  • A clearly defined area in which to play the game.



  • Scoring goals or points, by moving the ball to an opposing team's end of the field and either into a goal area, or over a line.



  • Goals or points resulting from players putting the ball between two goalposts.The goal or line being defended by the opposing team.



  • Players being required to move the ball—depending on the code—by kicking, carrying, or hand-passing the ball.



  • Players using only their body to move the ball.


               In all codes, common skills include passing, tackling, evasion of tackles, catching and kicking. In most codes, there are rules restricting the movement of players offside, and players scoring a goal must put the ball either under or over a crossbar between the goalposts

Wikipedia

                                         Cricket
                                               

                         Cricket is a bat-and-ball game played between two teams of 11 players each on a field at the centre of which is a rectangular 22-yard long pitch. Each team takes its turn to bat, attempting to score runs, while the other team fields. Each turn is known as an innings.
                                              
                          The bowler delivers the ball to the batsman who attempts to hit the ball with his bat away from the fielders so he can run to the other end of the pitch (which is counted as one run) without getting run out (the event in which the fielder throws the ball directly onto wickets or to a player who is near to wickets so he can dislodge them from the ground before the batsman or the non-striker has reached the crease). Each batsman (the other is called non-striker) continues batting until he is out. The batting team continues batting until ten batsmen are out or specified number of overs (6 countable balls bowled is 1 over) have been bowled, at which point the teams switch roles and the fielding team comes in to bat.
                         
                        In professional cricket the length of a game ranges from 20 overs of six bowling deliveries per side to Test cricket played over five days. The Laws of Cricket are maintained by the International Cricket Council (ICC) and the Marylebone Cricket Club (MCC) with additional Standard Playing Conditions for Test matches and One Day Internationals.[1]
                                               
                        Cricket was first played in southern England in the 16th century. By the end of the 18th century, it had developed to be the national sport of England. The expansion of the British Empire led to cricket being played overseas and by the mid-19th century the first international match was held. ICC, the game's governing body, has 10 full members.[2] The game is most popular in Australasia, England, the Indian subcontinent, the West Indies and Southern Africa.

Saturday, June 7, 2014

 සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රැ…. 
ගීතයේ අරුත


එඩ්වඩ් ජයකොඩි මහතා ගායනය කරන ලූශන් බුලත්සින්හල මහතා විසින් රචිත මේ ගීතයෙන් කියවෙන්නෙ විවාහ ජීවිතයට පත්වන්නට නිසි වයසත් පසුවුනු තරුණයෙකුගේ සිතිවිලි සමුදායක්.

සිරි යහන කියන්නේ විවාහ පත් යුවලක් නිදන ඇඳක්. සාමාන්‍යයෙන් සිරි යහන කියන්නෙ නිසි ආකාරයෙන් සකස් කල ඇඳ ඇතිරිලි , කොට්ට මෙට්ට වලින් යුත් තැනක්. සිරි යහන පිලිවෙලකට සකසන්නෙ බොහෝ විට නිවසේ සිටින බිරිඳ. සිරි යහනේ ලනු ඉහිරිලා කියන්නෙ මේ තරුණයා නිදා ගන්නා ඇඳ පිලිවෙලට සකස් කර තබාගන්න කිසිවෙක් නෑ කියන එක.
අපි සුසුම් හෙලන්නෙ බලාපොරොත්තු කඩවීමකදි හෝ නොලැබීමකදි. මේ තරුණයත් අපිලිවෙලවු අබලන් වු ඇඳක රාත්‍රියේ සුසුම් හෙලනෙත් තමන් නොලද විවාහ දිවිය ගැන සිතමින්.

මේ ආකාරයට හුදෙකලාව ඉහල බලාගෙන සුසුම් හෙලන ඔහුට පේනවා ඇඳට ඉහලින් වියනක් වගේ මකුළුදැල් බැඳෙන ආකාරය. තනිකඩයෙක් ඉන්න කාමරයක මකුළු දැල් කැඩෙන්නෙ බොහොම කලාතුරකින් නේ. අනිත් කාරනය, මකුළු දැල් බැඳෙන්නෙ අතහැර දැමූ හෝ පාළුවට ගිය පරිසරයක, ඔහුගේ ජීවිතයත් කාන්තාවකගේ සංස්පර්ශයක් නොලද තනිවූ ජීවිතයක්.

නාරිලතා මල් කියන්නේ කාන්තා රූපයක ඇති ලාලිත්යය සහ හැඩතල පෙන්වන කල්පිතයක්. යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ.
ඇඳේ දිගාවෙලා වහළය දිහා බලාගෙන කල්පනා කරන මේ තරුණයාගෙ යටි සිතින් ඔහු එදිනෙදා දකින කාන්තාවන්ගේ රූප කායන් ඇසුරු කොටගෙන මනංකල්පිත කාන්තා රූප මැවෙනව. මෙලෙස පූදින සිතිවිලි/ කාන්තා රූප වල හැඩතල කවියා උපමා කරන්නෙ නාරිලතා මල් වලට.

සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවීගියා. සඳක් පිරෙන්නෙ මාසයකටවතාවක්. කලදවස කියන්නෙ විවාහ විය යුතු කාලය. මාසයෙන් මාසය නොදැනුවත්වම විවාහ විය යුතු කාලයත් ගෙවී ගිහින්.

මාල වලලු නොතිත් අයට අප අමතක වෙලා ගොසින්. කිසිම දිනෙක මාල වලලු තිත්ත වෙන්නෙ / එපා වෙන්නෙ නැති පිරිස, එහෙමත් නැතිනම් ගැහැනු අයට අප අමතක වෙලා.

යහන තලා සැප විඳලා පලදී නැතුවා පෙර පින්.
කොතරම් පිලිවෙලට සිරි යහන සකසා තිබුනත් එහි කායික ඇසුරක් සිදුවන විට මේ කොට්ට මෙට්ට තැලී පොඩිවෙනව. මෙලෙස කම් සැප විඳින්නට තමන්ට පෙර කල පින් නැති බව ඔහු සිතනව.

නෙතට නුහුරු කඳුළු බින්දු පැදුරට මුහු වෙලා ගොහින්.
කඳුළු බින්දු වැනි දෙයක් නිදන ඇදේ පැදුරට එකතු වෙලා තියනව. නමුත් මේවා නෙතෙන් ගැලූ කඳුළු බින්දු නොවෙයි. එයින් කියැවෙන්නෙ ජීවිතය හුදකලා වූ, ජීවිතය ඉතා අපිලිවෙල වූ, කම් සැප විඳින්න තරම් පින් නැතිවු, විවාහ විය හැකි නිසි වයසත් ඉක්මවු මේ තැනැත්තා , තම සිතේ ඇඳෙන කල්පිත කාන්තා රූප ගැන සිතමින් ස්වයං වින්දනයක් ලබනව. ජීවිතයේ ගැඹුරු සහ ඉතා සංවේදී පැතිකඩක් රසික හදවත් තුලට ගෙන යන මේ ගීතය ඉතා අපූරු නිර්මාණයක්


                                         කැලණිය රජමහා විහාරය 

කැලණිය රජමහා විහාරය නැතහොත් කැලණි විහාරය ‍යනු ශ්‍රී ලංකාවෙහි ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ කැළණි ගඟ අසබඩ කැලණිය ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරයකි. කැලණිය රජමහා විහාරයේ වර්තමාන විහාරාධිපති වන්නේ ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේය.
බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව කැලණිය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින් කැලණිය පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැක.

මහාවංශයට අනුව, බුදු හිමි වැඩ සිට ධර්මය දේශනා කළ මැණික් එබ්බවූ ආසනයක් නිධන් කොට කැලණියෙ ස්ථූපය ඉදිකරවා තිබේ.

  • කෝ‍ට්ටේ යුගයේදී විහාරය සමෘධිමත්ව පැවතිනි.
  • පෘතුගීසි අධිරාජ්‍ය සමයේදී විහාරයේ ගොඩනැගිලි විනාශකර ඊට අයත් විශාල භූමි ප්‍රමාණයක් රාජසන්තක කරන ලදී.
  • කෙසේ වෙතත් ලන්දේසි අධිරාජ්‍යය යටතේ පන්සලට නව ඉඩම් තෑගි ලෙස ලැබුණු බව පැවසේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය යටතේ විහාරය යලි ගොඩනංවන ලදී
  • විසිවන සියවස මුල බාගයේදී හෙලේනා විජේවර්ධන ළමාතැනීගේ උදවු ඇතිව විහාරය තව දුරටත් පිළිසකර කරවන ලදී.

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් 
අසේලසම්පත් 


වී බිස්ස වනාහී සිංහල ගොවියාගේ වී වගාවේ පසු අස්වනු සංරක්‍ෂණය කරන නිර්මාණයකි. ඒ හා බැදුනු සංස්කෘතියෙහි බොහෝ ලක්ෂණ විද්‍යාත්මකය.භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් පැවති අතීත සමාජයෙහි වී බිස්සට සුවිශාල සමාජ වටිනාකමක් හිමිවිය.වී බිස්සක් නොතිබුණු ගොවි ගෙදර ආර්ථිකය අනාරක්ෂිත බව පිලිගත්තකි.ඵබදු නිවසකින් විවාහයක් කරගැනීම මදි පුංචිකමක් ලෙස සැලකීමට පවා ගැමි ජනයා පුරුදු වී සිටියේය.ඵහෙත් විසි ඓක්වෙනි සියවසට අවතීර්ණ වෙමින් සිටින අද දවසේ වී බිස්සේ උරුමයද එකී විද්‍යාත්මක සංස්කෘතියෙහි ලක්ෂණද මෙරට ගොවි සමාජයෙන් ඈත්වෙමින් තිබේ.ඊටද සමාජ සාධක ගණනාවක් බලපා ඇත.කාලයේ වැලිතලාවෙන් යටවී යන මෙම ඵෙතිහාසික විද්‍යාත්මක සංස්කෘතිය ගවේශණය කිරීම අතිශයින්ම වැදැගත්ය.එමගින් නෙලාගත හැකි වටිනාකම අනාගතයේදී තීරණය කෙරෙනු ඇත.එහෙත් එය ක්‍ෂණිකව පවත්නා වෙළදපොලේ රුපියල් සත වලට පෙරළිය නොහැක.

වී බිස්ස හා බැදුණු ජන ජීවිතය


සමිප්‍රදායික ගොවිතැනේදී වක් අත් ගැසීමේ පටන් අස්වනු කපා පාගා අටු කොටු ලන තෙක් අනුගමනය කරන සිරිත් විරිත්, විශ්වාස, ජන ඇදහිලි සම්ප්‍රදායින් රැසක් දක්නට ඇත.අනෙක් අතට මෙම චර්යා පද්ධතියෙන් බැහැරව කෘෂි කර්මාන්තයේ යෙදිය නොහැක.මන්දයත් ඒ තරමටම සම්ප්‍රදායික කෘෂි කර්මාන්තය හා ජන ජීවිතය එකිනෙකට බද්ධ වී තිබීමයි.එහි ප්‍රතිඵලයන් වූයේ කමත ගොවි ජන දිවියේ සිරිත් විරිත් පිළිබිඹු කරන කැඩපත බවට පත්වීමත් අස්වනු සංරක්ෂණයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වී බිස්සට හිමිවීමත්ය.වී බිස්ස වටාද අපූරු සිරිත් විරිත් පරම්පරාවක් ගොඩනැගී තිබේ.ඵය වී බිස්සක් බැදගැනිමේ සිට නැවත වී මුරයක් බිමට බෑම දක්වාම සිදුවන්නකි. ඵහෙත් මෙම සිරිත් විරිත් සියල්ල ගොඩනැගී ඇත්තේ ඵළිමහන් මැටි බිස්ස වටාය.ඵ් අනුව ගොවිජන ජීවිතයට වඩා සමීපව ඇත්තේ ඵළිමහන් මැටි බිස්ස බවට ඉතිහාසය සක්‍ෂි දරනවා ඇත.


වී බිස්ස ආහාර සංරක්‍ෂිත භාවයේ සංකේතයයි.බිස්ස පිරී තිබේ නම් ජීවත් වීම ගැටළුවක් නොවේ.අද දවසේ ඉතිරිකිරීමේ බැංකුවට හිමි වී තිබෙන සමාජ තත්වය එදා භාණ්ඩ හුවමාරු ආර්ථිකයේදි,වී බිස්සට හිමි විය.වී බිස්ස අනාගත සුරක්‍ෂිතභාවයේ සංකේතයක් බැවින් ඒ වටා ගොඩ නැගුණු ජන සංස්කෘතියක්ද තිබේ.මෙම උප සංස්කෘතියෙහි සියලුම අංගෝපාංගයන් ගොඩනැගී ඇත්තේ බිස්ස සමඟ පවත්නා මානව ගණුදෙනු අනුවය.හා හා පුරා කියා බිස්සක් තනාගැනිම සදහා බිහිකූඩයක් බැදගත යුතුය.එය ආවාට ගියාට නැතිනම් කාය ශක්තිය තිබූ පමණින් ඉටුකර ගත නොහැක.ඒ සදහා සම්ප්‍රදායික වත් පිලිවෙත් රැසක් අනුගමනය කළ යුතුය.

කුළුදුලේ බිහි කූඩයක් බැදීමට අදහස් කරන ගොවි ගෙදර ගෘහමූලික ගොවිරාළ පළමුවෙන්ම තම ගම්පලාතේ නැකත් රාළ මුණ ගැසී තම වේලා පත්කඩය ඔහුට පිලිගන්වා එය පරික්සා කර බලයි.එහිදී බිස්ස බැදීමට හොද දිනයක් සහ වේලාවක්ද,බිස්ස ඉඳුල් කිරීමට නැකත්ද පිලියල කර දෙයි.තවද කුළුදුලේ බිස්සක් ඉඳුල් කිරීම හෙවත් අලුතින් තනාගත් බිස්සකට හා හා පුරා කියා වී දැමීමද චාරිත්‍රයකට අනුව සිදුවිය යුත්තකි.මේ සදහා බොහෝ විට සිකුරාදා දිනයක් යොදා ගනු ලැබේ. මේ අනුව බලන කල වී බිස්ස හා ඒ වටා සම්ප්‍රදායික ගැමි ගොවියා අනුගමනය කළ බොහෝ චර්යාවන් සමාජ සම්මත සිරිත් බවට පෙරළී ඇති බව පෙනේ.ඒවායෙහි තිබෙන ගුණාගුණ දැන හෝ නොදැන පාරම්පරිකව අනුගමනය කිරීම සිරිත විය.පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන චර්යාවන් ඉදිරි පරපුරට තිළිණ කිරීමේ වගකීම පැවැතියේ වැඩිමල් ජන සමූහයට වූ අතර,එම වගකීම දිවි හිමියෙන් ආරක්‍ෂාකිරීමට තරම් අව්‍යාජත්වයක් සම්ප්‍රදායික එදා ගොවි සමාජය තුල විය.

වී බිස්සෙහි විද්‍යාත්මක සංස්කෘතිය

වී වගාවේ පසු අස්වනු සංරක්‍ෂණය විද්‍යාත්මකය.එය වසර දෙදහස් පන්සීයක් තරම් ආරම්භය මේසා දීර්ඝ කාලයකට උරුමකම් කීමය.එනමුදු වී බිස්සෙහි විද්‍යාත්මක සංස්කෘතිය කාලයේ වැලිතලාවෙන් යටපත් වි ඇත.වී බිස්ස වටා ගොඩ නැගුණු උප සංස්කෘතිය ඍජුවම ජන ජීවිතය හා බද්ධ වූවකි.එසේම සම්ප්‍රදායිකව අනුගමනය කල බිස්සක් තැනීමේ සිද්ධාන්තයන් සියල්ල විද්‍යාත්මකය. පොළව මත සිටුවන අටුපාදයේ සිට පිදුරු හත්තිය දක්වාම වී ඇටයෙහි ජීව ගුණය ආරක්‍ෂා කිරීමේ අරමුණින් යුක්තව බිස්ස තනා ඇත.වී බිස්සෙහි පාදම හෙවත් අටු කණු සදහා ගනු ලබන්නේ ගල් කණු හෝ ශක්තිමත් දැව අරටුය.එයද පොළොව මට්ටමේ සිට අඩියක් හෝ දෙකක් උසින් යුක්තය.මේ හේතුවෙන් පොළොව මතුපිට සිදුවන ජලය ගලායෑම්,උල්හෙල්ලම් හෝ මතුපිට පොළොව පසෙහි සිදුවන කිසිදු වෙනසක් බිස්සට බලපාන්නේ නැත. බිහි තට්ටුව ශක්තිමත් දැවයෙන් නිමවා ගෙන ඇත.බිහි කූඩය වියාගන්නේ වැල් සහ කෝටු මඩෙහිලා පදනම් කර ගැනීමෙනි.ඒ හේතුවෙන් බිහි කූඩයට කෘමි සතුන්ගෙන් හානි සිදුනොවේ.නොතෙමි තබා ගන්නේ නම් බිහි කූඩය වසර දෙසීයක් තරම් කාලයක් වුවද තබා ගත හැකි බව පැරුන්නන්ගේ මතයයි.බිස්සෙහි බඳ මැටියෙන් ඇත.බිහි කූඩය ඇතුළතින් සහ පිටතින් මැටි තට්ටු දෙකක් තුනීවට ගසා ගනු ලබන නිසා වී ඉපියන් බදු කුඩා කෘමි සතුන් ඇතිවිමට තිබෙන ඉඩකඩ අඩුය.අනෙක් අතට බිස්සට මැටි තෝරා ගන්නේ රතු හුඹගේ මැටිය.රතු හුඹගේ මැටි අංශු සියුම්ය.ඇලෙන සුලු ගුණයෙන් යුක්තය.වේලීම වේගවත්ය.පතුරු ගැලවීමක් ද නැත.

මෙකී කාරණා සියල්ල ප්‍රයෝජනවත් වන්නේ බිස්සෙහි වී කල්තබා ගැනීම උදෙසාය.ඓහෙත් නූතනයේ වී කල් තබාගැනීම පිණිස භාවිතා කරනුයේ සිමෙන්ති ගොඩනැගිලිය.ඒවායේ බිත්තර වී කල්තබා ගැනීම දුෂ්කරය.මන්දයත් සිමෙන්ති පරිසරය වී ඇටයේ ජීව ශක්තිය මර්දනය කිරීමට සමත්වීමයි. බිස්සෙහි බඳ සම්පූර්ණයෙන්ම පාහේ මැටියෙන් නිමවා ඇති නිසා එහි ඇතුළත තිබෙන වී ඇටවලට වාතාශ්‍රය සැලසේ. ඊට හේතුව එහි ඇති සියුම් මැටි අංශුය.තවද බිස්ස කවාකාර පීප්ප හැඩයක් ගන්නා නිසා සියළුම ස්ථානවලට මැටි බිත්තිය මගින් ඒකාකාරීව වාතය සැපයීම සිදුකරයි. මේ හේතුවෙන් බිස්සෙහි කටට උඩින් ජල අංශු ඇතුළු නොවේ. මේ නිසා බිස්සෙහි ගබඩාගත වී අස්වැන්නෙහි පුස්බැඳීමක් සිදු නොවේ. එයද විද්‍යාත්මකවය. මෙහිදී සඳහන් කල යුතු තවත් දෙයක් වන්නේ කෘමි හානි වැළකීම සඳහා ගැමියා වී බිස්සට දමන කොහොඹ කොළ, කදුරු ගෙඩියා කොළ, නික කොළ, දෙහි කොළ බදු ශාකමය කොටස්ය. මෙමගින් ධාන්‍ය කෘමි හානිවලින් වැළකෙන බව ගැමියාගේ මතයයි. එමෙන්ම බිස්සට කිලි නොවැදීම සඳහා කොහොඹ කොළ තට්ටුවක් බිස්සෙහි මුදුනෙම්ම අතුරණු ලබයි. මේ සියළු සාධකවලින් අනාවරණය වන්නේ වී බිස්ස විද්‍යාත්මක පදනමක් මත ගොවි සමාජයේ ස්ථාපිත වී ඇති බවයි.වී බිස්ස නිර්මාණයේදී භාවිතයට ගත් තාක්‍ෂණයේ උසස් බව හා විදුහුරු බව මැනවින් පිළිබිඹු වේ. ඒ අනුව පෙනී යන්නේ සිංහල ගොවියාගේ කෘෂික ජීවිතයෙහි විචිත්‍රත්වය විසින් වී බිස්සට සියුම් කලාත්මක පරිසමාප්තියක් උරුමකොට තිබෙන බවයි.

විකිපීඩියා ඇසුරෙන් අසේල සම්පත්


                                  රුධිරය


 රුධිරය යනු රුධිර ෙසෙල, රුධිර ප්ලාස්මය නමින් හඳුන්වන දියරමය ආකාරයක් තුල ගිලී පවතින විශේෂිත ශරීර තරලයකි. ජීව විද්‍යාත්මකව සම්බන්ධක පටක වලට අයත්වේ. ශරීර තරලයන්ගෙන් 55% රුධිර ප්ලාස්මය වන අතර එහි අන්තර්ගතය 90% ම ජලයයි, ඉතිරිය එහි දියවූ ප්‍රෝටීන, ග්ලූකෝස්, ඛණිජ ලවන, හෝමෝන, කාබන් ඩයොක්සයිඩ්, පට්ටිකා සහ රුධිර ෙසෙල යනාදිය වේ. (රුධිර ප්ලාස්මය, බහිශ්රාවීය ඵල ප්රවාහනය කරන ප්රධානතම මාධය වේ,) රුධිර සෛල, රතු රුධිරාණු හා සුදු රුධිරාණු වලින් සමන්විත වේ.
රුධිරය, රුධිර නාලිකා ඔස්සේ ශරීරය පුරා සංසරණය වේ. මෙය සිදුවන්නේ හෘදය මගින් සිදුකරන පොම්ප කිරීමේ ක්‍රියාවලියක් මගිනි. ධමනි, ඔක්ෂිජනීකෘත රුධිරය ශරීර පටක වෙත රැගෙන යන අතර, ශිරා, කාබන් ඩයොක්සයිඩ් සහිත රුධිරය පෙනහලු වෙත ගෙන යෑම සිදු කරයි.

රුධිරය පහත දැක්වෙන වැදගත් ක්‍රියාවන්ට දායක වේ:
  • පටක වලට ඔක්ෂිජන් සැපයීම (රතු රුධිරාණු සමග බැදී ඇති හිමොග්ලොබින් මගින්)
  • ග්ලූකේස්ඇමයිනෝ අම්ල හා මේද අම්ල වැනි පෝෂක සැපයීම
  • කාබන් ඩයොක්සයිඩ්යූරියා සහ ලැක්ටික් අම්ලය වැනි අප ද්‍රව්‍ය බැහැර කිරීම.
  • ප්‍රතිදේහ මගින් ආගන්තුක ද්‍රව්‍ය හදුනා ගැනීම හා සුදු රුධිරාණු සංසරණය කරමින් ඒවා භක්ෂණය මගින් ප්‍රතිශක්තිය රදවා ගැනීම.
  • කැටිගැසීම මගින්, සිදුරු වූ රුධිර වාහිනී ඔස්සේ අඛණ්ඩව රුධිරය ගලා යෑම නවතාලීම.
  • දූත මෙහෙවර, හෝමෝන ප්‍රවාහණය හා සංකූලතා සහිත පටක සම්බන්ධයෙන් සංඥා කිරීම.
  • ශරීරයේ නියත pH අගය පවත්වා ගැනීමට ආධාර වීම (ශරීරයේ සාමාන්‍ය රුධිර pH අගය පරාසය 7.35 - 7.45)
  • ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම

විකිපීඩියා ඇසුරෙන් අසේල සම්පත් 
                        ඩබ්. ඩී. අමරදේව
  
උපත5 දෙසැම්බර් 1927 (වයස 86)
මොරටුවශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
වෙනත් නම්වඩුගේ දොන් ඇල්බට් පෙරේරා
අධ්‍යාපනයවිශාරද බාත්ඛන්ඩේ සංගීත පීඨය
රැකියාවවිශ්වවිද්‍යාල කථිකාචාර්ය
ආගමථේරවාද බුද්ධාගම
කලත්‍රයාවිමලා අමරදේව
දරුවෝරන්ජන අමරදේව, සුභානි අමරදේව, සහ ප්‍රියංවදා අමරදේව

ඩබ්. ඩී. අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරයතබ්ලාව,හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය.අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි.එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායකසුනිල් එදිරිසිංහසනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි.පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.                                     
විකිපීඩියා ඇසුරෙන් අසේල සම්පත් 

Friday, June 6, 2014

අපේ පාසලතමයි මේ තියෙන්නෙ අපි දැනට ඉගනගන්නෙ මෙහේතමා අනිවා කියන්න ඕන මේ 4to එක ගත්තෙ මගේ සහෝදර නුවන් තිලිණ අයියව

උඩ 4to එකේ තියෙන්නෙ අපේ play ground එක

මේ අපේ play ground එකත් එක්ක තියන building ටික............
අපේ facebook pan's page එකත් බලන්නකෝ DNS pan's page
අපේweb site එකත් බලගන්නකෝ web site

Wednesday, May 14, 2014


උඩට මිහිකත පේන හැටි පෙන්වයි
2014 මැයි මස 11 18:07:32 | . , තිස්ස මඩවල
ඇමෙරිකාවේ නාසා ආයතනය අන්තර් ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සවිකර ඇති කැමරා පද්ධතිය මඟින් මහ පොළොවට බ්‍රභමණය වන  ආකාරයේ විස්මිත දර්ශන සජීවී ලෙසින් නොනවත්වා විකාශනය කිරීම ආරම්භ කර ඇත.
පැයකට කිලෝමීටර් 18000 ක වේගයෙන් පොළවට වටා කරකැවෙන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මෙම කැමරා සවිකර ඇත්තේ අනාගතයෙදී දුර ඈත ගැඹුරු අභ්‍යාවකාශයේ තොරතුරු ගවේෂණයේදී වැදගත්වන එම පරිසරයට ඔරොත්තුදෙන අන්දමේ නවීන කැමරා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දත්ත රැස්කර ගැනීමේ අරමුණෙනි.
කෙසේ වුවද එම කැමරා මඟින් පොළවට විකාශනය කෙරෙන රුප රාමු අපතේ නොයවා සියලු ලෝක වාසීන්හට දැක බලා ගැනීමට ලබාදීමට නාසා ආයතනයත් සජීවී දර්ශන විකාශනය කරනු ලබන යු එස් ස්ට්‍රීම් සමාගම සමඟ සිටියි.
තව දින කිහිපයකින් මෙම කැමරා පද්ධතියට නවීන තම වීඩියෝ කැමරා කිහිපයක්ම එකතු කිරීමට කටයුතු යොදන බව නාසා ආයතනක කියයි.
කැමරා කිහිපයක් යොදාගනිමින් විකාශනය කෙරෙන මෙම රුප රාමු සමහර අවස්තාවලදී කලුපාට බවක් පෙනෙන්නට ඇත්තේ එම වෙලාවේදී අභ්‍යාවකාශ යානය පෘතුවියේ රාත්‍රී කාලය පවත්නා පෙදෙස් පසුකර ගමන් කරන බැවිනි. 
කැමරා මාරු කරන අවස්ථාවලදී තිරය අළු පාටින් දිස්වෙයි.
පැය එක හමාරක කාලයකදී පෘතුවිය එක්වටයක් බ්‍රමණය වන ආකාරය සජීවීව දැකබලාගැනීමට හැකිවෙයි.
එමෙන්ම වලාකුළු රහිත පැහැදිලි අහසක් ඇති අවස්ථා වලදී අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ඉන්දියා කලාපය ඉහළින් යාත්‍රාකරන විට 
ශ්‍රී ලංකාව අභ්‍යාවකාශයට දිස්වන අන්දමද දැකගැනීමේ අවස්ථාවද ඇත.



"දිඹුලාගල මහ වැද්දා"
2014 මැයි මස 07 15:57:38 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 

 
ඝන කැළෑව මැදින් වැටුණු ගුරු පාර දිගේ, දිඹුලාගල විහාරභූමිය වෙත රජයේ ජීප් රථයක් වේගයෙන් ඇදී එයි. රියෙන් බට ත‍්‍රිකුණාමල දිසා ඇමැති හා පොළොන්නරුව එවකට මහජන මන්ත‍්‍රී එච්.ජී.පී.නෙල්සන් මහතා ඇතුළු රජයේ උසස් නිලධාරී පිරිසක්, දිඹුලාගල නාහිමිගේ දෙපා නමස්කාර කළහ. දෙවනුව කෙටි සාකච්ඡාවක් කරන්නට වුණි.
සැමගේ මුහුණු ප‍්‍රීතියෙත්, ජයග‍්‍රහණයේත් උද්දාමයෙන් එළිය වැටිණි. ටික දිනකින් දැලි පිහිය නුදුටු නාහිමිගේ සුදු රැුවුල රැුඳී කරුණාබර මුහුණ අව්‍යාජ සිනා රැුල්ලකින් දීප්තිමත් විය.
”ඔව් අපේ මහත්තයෝ එතුමා එන එක අපට විශාල ආඩම්බරයක්. සිංහල රජ කාලෙන් පස්සෙ මෙහාට එන පළමුවැනි රජතුමා එතුමා තමයි. මේක එතුමාගෙත් අපෙත් මහා වාසනාවක්”
පසුදින එනම් 1982 ජුනි මස 7 වැනිදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අධිපති මාතර කිතලගම සීලාලංකාර හාමුදුරුවන් බැහැ දුටුවේය.
”සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, පොල්කටු නිකාය, බඩකඩුත්තු නිකාය, මේ අමන වචනවලට මම කැමැති නෑ මහත්තයෝ. බුදුහාමුදුරුවෝ අපට ඉගැන්නුවෙ පොදු ක‍්‍රමයක්. සාංඝික ක‍්‍රමයක්. මේ උතුම් ඉගැන්වීමට හින්දුකාරයින්ගෙ කුලභේද අර නිකායවලින් තහවුරු කරනවා. බුදුහාමුදුරුවන්ගෙ ඉගැන්වීමට අර වචන කොයිතරම් විරුද්ධද? මේක බුද්ධාගම වෙන්න බැහැ. අපේ කොල්ලො මේව දැනගෙන තමයි පංසලට නොඑන්නෙ. මම කිසිම කෙනෙකුට මහණ වෙන්න කියලා නැහැ. කියන්නෙත් නැහැ. ආවොත් මහණ කරනවා. ලැබෙන මුදල්වලින් ආරාම පන්සල් හදනවා. ඉතිරිවා නිකාය බේදයකින් තොරව දනට දෙනවා. සතයක්වත් බැංකුවල දාන්නෙ නැහැ. මගේ ක‍්‍රමේ තමයි  ඕක. ඒක හරිද අපේ මහත්තයෝ”
නැගෙනහිර පළාතේ සිංහල පවුල් 45,000 ක් පදිංචි කරමින් ආරාම 40 ක් ඉදි කරමින් (1980 වන විට) කුල දරුවන් 265 ක් සසුන් ගත කරමින් මහ වික‍්‍රමයක් කළ සීලාලංකාර නාහිමියන් එසේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ඇසීය.
” දිඹුලාගල මහ වැද්දා” යන සුරතල් නමින් ආමන්ත‍්‍රණය කළ මේ උදාර සිංහලයා දෙස අභිමානයෙන් බැලූ ජේ.ආර්. තමන් දිඹුලාගල ආ කාරණය ද හාමුදුරුවන්ගේ කණට කෙඳිරුවේ ඔහු තව තවත් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් කරමිනි.
මනුෂ්‍ය ඝාතකxප‍්‍රභාකරන්ගේ අවසානයේ ආරම්භය ”මහවිල්ආරු සොරොව්ව” වූවා මෙන් ජේ.ආර්. ජයවර්ධනයන්ගේ ජනාධිපති පදවිප‍්‍රාප්තියේ මල් වරුසාව ද මාදුරුඔය ව්‍යාපාරයයි. පදවිප‍්‍රාප්තියෙන් තුන් මසක් යන්නට මත්තෙන් ජේ.ආර්. දිඹුලාගලටම ආවේ එවැනි ප‍්‍රාතිහාර්යයක් කරන්නට නම් ප‍්‍රාදේශීය ජාතික නායකත්වයක දැනුම වගකීම ඉහළින්ම අත්‍යවශය නිසාය. එය එදා ජේ.ආර්. ආණ්ඩුවේ ප‍්‍රථම සංවර්ධන ව්‍යාපාරය විය.
දිඹුලාගල හිමියන් සාමාන්‍ය හිමිනමක් වශයෙන් පොළොන්නරුව කදුරුවෙල ප‍්‍රදේශයට මාතරින් ආවේ 1948 වැනි ඈත යුගයකදීය. එකල ඞී. එස්. සේනානායක කාගම, ඇළහැර, බකමූණ ආදී ප‍්‍රදේශවල සිංහල ජනපද බිහිකිරීමේ මූලික සංකල්පය රෝපණය කර තිබුණේය. සීලාලංකාර හිමියන්ද එම සමකාලීන යුගයේ දේශපාලන ශක්තියක් ලෙස කටයුතු කළ නිසා ජේ.ආර්. යළිත් කොළඹ ආවේ උන්වහන්සේට නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ සංඝනායක පදවිය පිළිබඳ අක්තපත‍්‍රයද පිළිගැන්වීමෙන් අනතුරුවය.
මෙහිදී අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝ මෙසේ ප‍්‍රකාශ කළහ.
”මෙම වටිනා සිද්ධස්ථානය පිළිබඳව මට පළමුවෙන්ම අසන්නට ලැබුණේ 1954 දී. වජිරාරාමවාසී මහා සංඝයාද විශාල දායක පිරිසක්ද කැටුව 1957 දී දිඹුලාගල ආරණ්‍ය දැක බලා, දිඹුලාගල අවට අසරණ වැදි ජනතාවටද නන්අයුරින් සංග‍්‍රහ කොට සතුටු වීමි.
වගවළසුන්ගේ නිජබිමක් බවට පත්ව තිබූ එම ඓතිහාසික සිද්ධස්ථානය මෑතක් වනතුරු වැද්දන්ගේ දඩබිමක්ව පැවතිණි. සියවස් ගණනාවක් තිස්සේ මිසදිටුවන්ගේ කෙළිබිමක් ද විය. වටිනා පුරාවස්තු විනාශ මුඛයට පත්වෙමින් තිබුණු අවධියක සෞභාග්‍යයෙන් පිරි රුහුණේ සිට මෙහි පැමිණි විල්පිට ආරණ්‍ය සේනාසනාධිපති උඩුපීල්ලේගොඩ පඤ්ඤාලංකාර නාහිමිපාණන්ගේ අනුග‍්‍රහය ශිෂ්‍ය රත්නයක් වු මාතර කිතලගම සීලාලංකාර ආයුෂ්මතුන් වහන්සේගේ අප‍්‍රතිහත ධෛය ර්‍්‍යය පෙන්වන කැඩපතක්වන් ජාතිකවූත් ආගමිකවූත් සේවාවන් මගේ මවිතය දනවන්නට හේතු විය.
පසු කාලයකදී මඩිහේ හිමියන්ද සීලාලංකාර හිමියන්ද උතුරු නැගෙනහිර ජනගහණය වැඩිකිරීමේ ‘‘ධර්ම ප‍්‍රචාරක’’ කටයුතුවලටද අතගසා තිබීම, ජේ.ආර්.ගේ අමනාපයට හේතු විය. ‘‘වර්ගයා බෝවීම ස්වභාවිකව සිදුවිය යුතුයි. එය බලහත්කාරයෙන් සිදුකිරීම අනවශ්‍යයි” ඔහු කීය.
ඊට ප‍්‍රතිප‍්‍රහාරයක් දුන් දිඹුලාගල හිමියෝ කදුරුවෙල මහජන රැුස්වීමකදී මෙසේ පැවසූහ.
”දැන් ඉතින් වළ පයයි. ගොඩ පයයි. සිංහල පවුල් පදිංචි කරනවාට අකමැති නම් දෙන්න නායකත්වය පේ‍්‍රමදාස මහත්තයට”
ජේ.ආර්. ලංකාවට ජනාධිපති වුවද දිඹුලාගල හිමි බුද්ධ රාජ්‍යයේ බලවතෙක් නිසා දෙදෙනාම ඇතැම් අවස්ථාවලදී කැත්තට පොල්ල මෙන් කර කියා ගත්හ.
”ඔය හාමුදුරුවො නයා වගේ ආපු ගමන් පරක්කු නොකර ඇතුළට එන්න දෙනවා.” ජේ.ආර්. සිය ජනාධිපති මන්දිරයේ නිලධාරීන්ට කියා තිබිණි.
” දිඹුලාගල මහවැද්දා ඇවිල්ලයි කියනවා” හාමුදුරුවෝ සැරයටියත් කුඩයත් පාත්තරයත් රැගෙන පැමිණ නිලධාරීන්ට කියන්නේ එපමණකි.
1924 දී මාතර කිතලගම උපත ලද (දිඹුලාගල හිමියන්ගේ) ගිහි නම හේවාදුලිගේ චාර්ලිස්ය. මව හා පියා පිළිවෙලින් ගාල්ලගේ සයිනහාමි හා එච්.ඞී. දියෝනිස්ය. ස්ථිර නිවාසයක්වත් නොමැතිව දැනටත් දිඹුලාගල හිමියන්ගේ සහෝදරයා, (85 වියැති) එච්.ඞී. රයිනාහාමි තිහගොඩ වෙසෙන අතර හිමියන්ගේ බෑනා වන නන්දදාස මදනසිංහ කිතලගම ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළැයි පැවසේ.
1950 ගණන්වල සිටම දිඹුලාගල හිමියන්ගේ පරපුර ප‍්‍රබල එජාප ආධාරකරුවන් වන අතර පසු කාලයකදී තමන් වහන්සේට ත‍්‍රිකුණාමලය දිසා ඇමැතිව බොහෝ ආධාර උපකාර කළ එච්.ජී.පී. නෙල්සන්ද මාතර/තංගල්ලෙන් නැගෙනහිර ප‍්‍රදේශයට පර්යටනය වුවෙකි.
කුඩා කළ පටන් ඉතා නිදහස් කෙළිලොල් දිවියක් ගත කළ චාර්ලිස් කොලූවා ඉගෙනීමට කිසිම ආකාරයක උනන්දුවක් දැක්වූයේ නැත. පාසලේ ඩෙස් පුටු බැංකු අතර දුව පැනයමින් ක‍්‍රීඩා කළා මිස ඔහුගේ සිත ධර්මයට තබා අකුරු ශාස්ත‍්‍රයටවත් ආකර්ශනය වූයේ නැත.
යම්තම් වයස 12 දී පමණ වර්ෂ 1936 දී චාර්ලිස් පන්සලේ ලොකු හාමුදුරුවන් සමග වන්දනා ගමනකට එක්වන අතර මුළුමනින්ම පා ගමනින් මාස ගණනාවක් කළාවූ මෙම චාරිකාව අවසන් වූයේ පොළොන්නරුවෙනි.
පන්සලක පැවිදිව භික්ෂුන් වහන්සේ කෙනෙකු වන්නට නම් අකුරු ශාස්ත‍්‍රයද කියවීම, ලිවීම අත්‍යවශ්‍ය බව චාර්ලිස් අදහන්නට පටන් ගත්තේ එදාය.
ඉන්පසු මාතර අකුරැස්සේ කඹුරුපිටිය අතර පිහිටි විල්පිට ආරණ්‍ය සේනාසනයේ (උඩුපීල්ලෙගොඩ පඤ්ඤාලංකාර හිමියන් යටතේ) පැවිදිව 1948 දී රජරට පොළොන්නරුවට වැඩම කළහ.
පොළොන්නරුව, කදුරුවෙල ශ්‍රී බුද්ධජයන්ති විහාරස්ථානයට පැමිණි උන්වහන්සේ, ප‍්‍රදේශවාසීන් විසින් භක්ත්‍යාදරයෙන් පිළිගත් අතර භාවනානුයෝගීව වාසය කිරීමට පළුගස්දමනට නුදුරු සුසාන භූමියක් තෝරා ගත්හ.
එහි වූ නුග සෙවනක් යට භාවනාවේ යෙදෙමින් මිනී වළවල් අතර සක්මනේ යෙදෙමින් පිණ්ඩපාතිකව යැපුණාහ.
ප‍්‍රදේශය  ක‍්‍රමයෙන් ජනාවාස වීම නිසා සිය භාවනාවට පළිබෝධ පැමිණියෙන් දිඹුලාගල ප‍්‍රදේශයට එන්නට කල්පනා කළහ.
ප‍්‍රදේශයේ තිබුණූ විශාලම වැව වූ ‘‘හඳපාන්විල’’ තරණය කර දින ගණනක් දන් වේලක් නැතිව තැල්කොළ, බතලකොළ,  ඕළුගෙඩි වළඳමින් ආ උන්වහන්සේට කිරි කඳක් ගෙන යන ගැමියෙකු හමුවිය. හාමුදුරුවන්ගේ ගිලන් ස්වරූපය ගැන කම්පා වූ ගැමියා කිරිකඳ උන්වහන්සේට පූජා කළෙන් දිනක් දෙකක් යැපීමට කිරි පරෙස්සම් කර ගැනීමෙන් හාමුදුරුවෝ හෙමිහිට සොරවිලට පැමිණියහ.
ඒ වන විට එහි සිටියේ කොහොඹ කොළ හා බුරුල්ල කොළ අඳින වැදි ජනතාවයි. ජීවත්වුණේ සතුන් දඩයම් කිරීමෙනි.
කටකළුවා, දිය පොළඟා, කබර මාපිලා හා නාග මාපිලා වැනි විෂඝෝර සර්පයින්ද බහුල මහ මූකලානේ ‘‘කොටරාගල’’ නමැති ස්ථානය තම වාසය සඳහා තෝරා ගනිමින් සීලාලංකාර හිමියන් කලක් එහි එකළාව වාසය කළහ.
භාවනානුයෝගීව ගතකරන ජීවිතය තාවකාලිකව නතරකොට සිංහල ජාතිය හා සිංහල බෞද්ධ සමාජය වෙනුවෙන් අමරණීය සේවයක් වහාම ආරම්භ කළ යුතු යැයි සිතුණේ මෙහිදීය.
ශ්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ දමිළ බලය ශීඝ‍්‍රයෙන් වැඩිවීම හා ඔවුන් රට අභ්‍යන්තරයට වැදී සිංහල ජනතාවට විරුද්ධව සටන් කිරීමත් නිසා බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දමා විනාශ කරන්නට වූ නිසාත් සිංහල රජවරුන්ගේ බලය ක‍්‍රමයෙන් පිරිහීම නිසාත් අනුරාධපුර රාජධානියේ සිටි ඇතැම් රජවරු පොළොන්නරුවට පැමිණ වාසය කරන්නට වූහ. මේ නිසා සතුරු කරදරවලින් මිදීමට සහ එවැනි අවස්ථාවල විවේක සුවයෙන් ගත කිරීම සඳහා පොලොන්නරුව රජවරුන්ගේ නිවාඩු නිකේතනයක් වූ බව පෙනී යයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පොළොන්නරුව රාජධානියක් හැටියටද පරිවර්තනය විය.
බුද්ධ ධර්මය ව්‍යාප්තිය සඳහා ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ කරන ලද බෞද්ධ මධ්‍යස්ථාන අතුරෙන් බෞද්ධ ධර්ම ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් වු දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ද එකක් විය. කුන්තගත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ අළුවිහාරයේදී ත‍්‍රිපිටක ධර්ම සංගායනාකොට ග‍්‍රන්ථාරූඪ කිරීමෙන් පසුව කුන්තගත්ත තිස්ස මහරහතන් වහන්සේ දිඹුලාගලට වැඩම කර පරිනිර්වාණය දක්වාම එහිම වැඩ සිටියහ. උන්වහන්සේගේ පටන් මලියදේව මහරහතන්වහන්සේ දිඹුලාගල වැඩ සිටි අවදියෙන් පසු දිඹුලාගල බෞද්ධ මධ්‍යස්ථානය අන්ධකාරයට පත්වූ බව මහාවංශය හෙළි කරයි.
ශ්‍රී ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ වශයෙන් සැළකෙන මලියදේව මහරහතන්වහන්සේ දිඹුලාගල විහාරයේ වැඩවිසූ බව සද්ධර්මලංකාරයේ ද සඳහන් වේ. මෙම ඓතිහාසික පසුබිමේ සිටිමින් සීලාලංකාර හිමියන් ‘‘ධර්ම සමය’’ උදෙසා එළඹි සිටි සිහියෙන් ඉදිරියට ආවද අතෙහි තඹ පිච්චියක්වත් නොතිබිණි.
ඒ හැරුණු කොට එම වකවානුවේදී දිඹුලාගල, මනම්පිටිය, වැලිකන්ද අරලගංවිල, යක්කුරේ, අල්ලෙවැව යන ගම්වලින් සමන්විත වූ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් එගොඩපත්තුව ප‍්‍රදේශයේ පදිංචි 3000 ක් වූ ජනගහණයෙන් සිංහලයින් සිටියේ 8 දෙනෙකි.
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බවත් එය උපයෝගී විය යුත්තේ සුද්දන් සනසන රට හිනස්සන හෝටල් කැසිනෝ අධිවේග අපභ‍්‍රංශවලින් නොව ගොවිතැන් ඵලදාව  හා දේශීය නිෂ්පාදන සංවර්ධනය කිරීමෙන් යන ඞී.එස්. හා  ඩඞ්ලි එජාපයේ මූලික දර්ශනය අනුව යැයි උන්වහන්සේ අධිෂ්ඨාන පූර්වකව සිතුවේය.
එම පළාත්වල සිංහල ජනගහණය වැඩි කළ යුතු යැයිද ජනතාවගේ සිතුම් පැතුම්වල පවතින  ඕලාරික අඳුර විනිවිද යා යුතු බවද වැඩිදුරටත් තේරුම් ගත්හ. එතුමන් ගොවිජනපද ව්‍යාප්ත කරන්නටත් කොළණි ක‍්‍රමයෙන් වුවද ජනගහණ වර්ධනය ඉස්මතු කරන්නටද පියවර ගත්හ.
දියබෙදුම, හිඟුරක්ගොඩ, මින්නේරිය, 305, 314, 313, 312, 400 පොළොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ තඹාල, කවුඩුල්ල, බුද්ධයාය,  ඕණෑගම, සෝමාවතිය, පු¥ර්, පලූගස්දමන, සේවාගම, තඹලවැව, සත්ව ගොවිපළ, පී.එස්.කොළණිය ආදී ගොවි ජනපදවල හා එගොඩපත්තුවේ සිටින බෞද්ධ ජනතාව සීලාලංකාර හිමියන්ගේ වටිනාකම අගය කරන්නේ මෙම දුරදර්ශී අමිල මෙහෙය නිසාය.
සීලාලංකාර හිමියෝ සොරවිල ගමේ ජනතාව යහමග යැවිම සඳහා ගත් උත්සාහය කිසියම් විප්ලවයක් වැන්න. සිංහල පාසලක් ආරම්භ කිරීම නිසා දරු පරපුරට අකුරු උගනීමට හා මුළුගැන්වීමෙන් තොරව පාසල් ජීවිතය තුළින් සමාජය වෙත යොමු කිරීම පහසු විය. ගතානුගතික හා පාරම්පරික සිරිත් විරිත්වලට ඇබ්බැහිව සිටි ගම්වැසියන් එයින් මුදු යහපත් සිතිවිලි හා සිතුම් පැතුම් ඔස්සේ හැඩ ගැස්වීය. පාසල් යාමට පෙර වුවද පොල් ගැසීම, කෝවිලට යාම ආදී කටයුතුවලට පෙළඹුණ ඔවුන් කෝවිල් දේවාල හා යක්ෂයින්ට පුද පුජා පවත්වමින් ඉරහඳ ඇදහීම ආදී නොයෙකුත් ඇදහිලි ක‍්‍රමවලට කොටුවී සිටියහ. 
මේ අනුව සීලාලංකාර හිමියන්ගේ ධර්ම ශාස්ත‍්‍රීය මෙහෙය හරහා මිල්ලාන, දලූකාන, ගිනිදමන, ඇල්ලෙවැව, අරලගංවිල, අලවකුඹුර, වැලිකන්ද වැනි ගම්මාන පුනරුත්ථාපනය විණි.
ආණ්ඩුවේ සෙනෙහස හෝ කරුණාව දැනෙන්නට පෙර ලංකාවේ විශාලතම පළාත් පාලන ආයතනයද වන වර්ග සැතපුම් 550 ක් වන එගොඩපත්තුව සම්පූර්ණයෙන්ම පාලනය කළේ කිතලගම සීලාලංකාර හිමියන් යැයි කීම අතිශයොක්තියක් නොවේ.
අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නායක ධුරන්ධර කොළඹ, බම්බලපිටියේ වජිරාරාමවාසී විද්‍යා විශාරද මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්වහන්සේ හමුවූ සීලාලංකාර හිමියෝ කරුණු පැහැදිලි කරදීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දායක පිරිස සහල් රෙදි, පොල්අතු ගල්ලෑලි ආදිය ලොරි ගණන් ගෙනවිත් සිංහල මෙන්ම වැදි ජනතාවද අතර බෙදා දුන්හ.
එගොඩපත්තුව වනාහි නැගෙනහිර පැත්තෙන් ගලා බසින මහවැලි නදියත් මඩකළපුව, ත‍්‍රිකුණාමලය හා අම්පාර යන දිස්ත‍්‍රික්කයන්ටත් සීමාවූ බලප‍්‍රදේශයකි. එතෙක් ගම්සබා කොට්ඨාස 13 කට සීමා වී තිබූ බලය කොට්ටාස 30 කට වැඩිකොට අවුරුදු 30 ක පමණ කාලයක් පළාතේ බලය අල්ලාගෙන සිටි දෙමළ ජාතික සභාපතියන්ගෙන් බේරාගෙන ප‍්‍රථමවරට සිංහල ජාතිකයෙකු ගම්සභාපතිවරයකු ලෙස ගෙනාවේද දිඹුලාගල හිමියෝය.
මේ පියවර සීලාලංකාර හිමියන් දියත් කළ දමිළ ‘‘නිජභූමි’’වල සිංහලයින් පදිංචි කරවීමේ කාර්යය සාර්ථකව කරගෙන යාමට මහත් අනුබලයක් විය.
එගොඩපත්තුවට සිංහලයෙකු සභාපතිවරයෙකු කරන්නට පෙර දමිළ ‘‘මොරාලය’’ බිඳීමට හාමුදුරුවන් ගත්තේ කෞටිල්‍යමය උපක‍්‍රමයන්ය.
හිටපු සහභාපතිවරයා සිය බලයේ ඉදිද්දී මනම්පිටිය නගරයේ හරක්මස් කඩයක් හා අරක්කු තැබෑරුමක් විවෘත කරන්නට උත්සාහ කිරීමේදී හාමුදුරුවන් ඊට විරුද්ධ විය.
”මේක අපේ රාජ්ජේ අපේ පැත්ත අපට  ඕනෑ විදියට මිසක් වැඩ කරන්නේ නැහැ” යි සභාපති උරුට්ටු ඇල්ලූවේය.
හොදින් කී දේට අවනත නුවූ නිසා හාමුදුරුවන් කළේ අතේ තිබුණු ශක්තිමත් කුඩය අමෝරාගෙන මද්දහනේම මහමග සභාපතිවරයාට තඩි බෑමය.
ඔහු එයින් භීතියට පත්වූ අතර හාමුදුරුවන්ගෙන් සමාව අයැද හරක්මස් කඩ, තැබෑරුම් ඇරීම අවලංගු කර මනම්පිටියේ සිට පාරක් කපා දීමටත් ආරණ්‍යයට නාන ළිඳක් කපා දීමටත් පොරොන්දු විය. එපමණකින් නොනැවතී ඔහු ආරණ්‍යයට දන් පිළිගන්වන හොඳ බෞද්ධයෙකු වූ බවද පැවසේ.
”මට නම්බුනාම  ඕනෑ නෑ. මට සල්ලි  ඕනෑ නෑ. මට හොඳ වටින පටසිවුරු  ඕනෑ නෑ. මට අනවශ්‍ය විදියට සැප පහසුකම්  ඕනෑ නෑ. මට  ඕන මම කරන වැඩවලට හොඳ හිතින් දෙන සහයෝගය විතරයි. වචනයකින් හරි දක්වන සහයෝගය මම අගය කරනවා” උන්වහන්සේ නිතර නිතර පැවසූ සේක.
නායක හාමුදුරුවන්ට හැමදාම  ඔය විදියට පයින් වඩින එක හරිම අමාරු ඇතිනෙ. වාහනයක් ගත්ත නම් මීට වැඩිය වැඩ ටිකක් කරගන්නත් පුළුවන්නෙ. මේ ගිනි අව්වට පිච්චි පිච්චි දුවිලි කාගෙන නායක හාමුදුරුවො කරන වැඩ ටික වෙන කෙනෙකුට නම් කරන්න බැහැ. වරක් එජාප ඇමැතිවරයෙක් ඉතා නිහතමානීව කීය.
”මට ජීප් තෑගි කරන්න කීප දෙනෙක් ඇහුවා. කාර් එකක් අරන් දෙන්නත් ඇහුවා. කවුරු නුදුන්නත් මට කාරෙකක් අරගන්න බැරිකමක් නැහැ. මේ පැත්තෙ ඔය කාර් බස් යන්න නැති කාලෙත් මම පයින් ගියා. අදත් යනවා. හෙටත් යනවා. මම කරන්නේ, දෙන්නේ මිනිසුන්ට ආදර්ශයක්. ඔවුන් යහමගට හරවා ගත්තේ පයින් අවිදලා. මම මේ විදියට ගත නොකළාට හොඳට සැප විඳින්න පුළුවන්. ඒ වුණත් මේ ජීවිතයට පත්වුණේ ආශාව අත්හැරලා සසර කෙටි කර ගන්න. ඒ නිසා මගේ සැප විහරණ මේ අහිංසක ජනතාවගේ සැපත වෙනුවෙන් කැප කරනවා. ඊට පිළිතුරු වශයෙන් නායක හිමියන් එසේ පැවසූහ.
පොතේ නීතියට වඩා අවංක හෘදයාංගම හා අවස්ථානෝචිත යුක්ති ධර්මය හැමවිටම අගය කළ එතුමා යම් යම් අවස්ථාවලදී ‘‘රොබින්හුඞ්’’ කෙනෙකු ලෙසද ක‍්‍රියා කර ඇත.
1978 වර්ෂයේ නොවැම්බර් මස 23 වැනි දින රාත‍්‍රියේ නැගෙනහිර පළාත සුණු විසුණු කරමින් දහස් ගණනක් මරුමුවට පත් කරමින් හමා ගිය සුළි සුළඟ ලක්වැසියාට ස්වභාව ධර්මය පිළිබඳව භීතියක් ගෙනාවේය.
මෙම තත්ත්වය යටත් නොතෙමී යම්තම් හෝ ආරක්ෂාවීමට තිබුණෙ දිඹුලාගල පන්සලේ නොකැඞී ඉතිිරි වූ ගොඩනැගිලි කීපය පමණි. කඩාවැටී බිම වසාගෙන තිබණු ගස් කොළන්වලින් සහ වෙනත් සුන්බුන්වලින් පැන පැන පැදුරකින් වැස්සට ආවරණය වී නායක හිමියෝ වහ වහා පොළොන්නරුවට වැඩියහ. අතරමගදී දුම්රිය සේවකයෙක් විසින් දුන් වැහිකබායක් ඇතිව පාගමනින්ම දුෂ්කර ගමනක් ගිය නායකහිමියෝ උසස් නිලධාරීන් හමුවී වහාම ආධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. නමුත් නිලධාරීන් ‘‘නීති රීති’’ ගැන තළුමැරුවා විනා මහජනතාවගේ කුසගින්න හෝ ආරක්ෂාව ගැන නොසිතූහ.
සුළි සුළඟ නිසා විපතට පත් දිඹුලාගල විවිධසේවා සමුපකාර සමිතියේ තොග ගබඩාවෙහි ලක්ෂ ගණනාවක් වටිනා ආහාර තොග තෙමී විනාශයට පත්ව තිබෙන හැටි බැලූවේය. කැඳ උගුරක් හෝ නොමැතිව ක්ලාන්තව ඇදවැටෙන ජනතාවට කෙසේ හෝ ආහාර ටිකක් සපයා දීමේ ක‍්‍රමයක් සිතුහ.
හාමුදුරුවෝ ක්ෂණික සංවිධානයක් ඇති කර ගත්හ. ඊට පසු දිඹුලාගල සමුපකාරයේ හාල්, පිටි, ලූණු ආදිය වැස්සට තෙමී අපතේ යමින් තිබියදී එම සමිතියේ ම අය ඒවා දීමට මැලිවෙද්දී ලියවිල්ලක් දී තමන් වහන්සේ ගන්නා බඩුවලට සමිතියට බැරිනම් පෞද්ගලිකව හෝ ගෙවන බව පවසමින් එම බඩු ට‍්‍රැක්ටරයක පුරවාගෙන පාරට ගෙනවිත් විපතට පත් දහස් ගණනකට ? දවල් නොතකා වතුර බිබී කුසගින්නේම බෙදා දුන්හ. අපි ඒවා කෑවා නොවෙයි දහස් ගණනක් මැරෙන්න යද්දී ඔවුන් ජීවත් කරන්නයි බෙදා දුන්නේ. ගෙවන්න කියනවා නම් ගෙවනවා. නැත්නම් හිරේ යනවා.
නාහිමියන්ගේ උත්සාහයත් අප‍්‍රතිහත ධෛර්යත් නිසා මෙතෙක් වන ගහනය තුළ සැඟවී බොදුණුවන්ගේ නෙත නොගැටී තිබුණු දකුණු දළදා වහන්සේ නිධන් කරන ලද සෝමාවතී චෛත්‍යය සොයා ගැනීම හා එහි සංවර්ධන කටයුතුවලට මූලාරම්භය සිදුවූ ආකාරයද ඓතිහාසික සිද්ධියක්.1980 ජුලි මස 05 වැනි දින දිඹුලාගල නායක හිමියන් ප‍්‍රදාන කොටගත් ඒ කණ්ඩායමේ විස්තරය එදා රිවිරැුස පුවත්පත වාර්තා කර තිබුණේ මෙසේය.
”සෝමාවතී අභය භූමියට අයත් අලි කොටි වළසුන් ගහන මහ වන මැද පිහිටි ඉපැරණි චෛත්‍යක් සොයාගෙන එය එළි පෙහෙළි කර වැඩි දියුණු කිරීමේ කටයුතු දිඹුලාගල නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිණි. මෙම චෛත්‍ය ඉපැරණි සෝමාවතී චෛත්‍යයැයි සිතනු ලැබේ”
දින එකහමාරක් තිස්සේ ඝන වනාන්තරය තුළට කිඳා බැස ගිය ඔවුනට අවට ලැහැබ කපා පිළිස්සීමෙන් අනතුරුව අඩි 500 කට වැඩි විශ්කම්භයකින් යුත් අඩි 40 ක් පමණ උස ගරාවැටුණු චෛත්‍ය හමු විය.
පසුව සිරිල් මැතිව් මැතිතුමා විසින් ශ්‍රී මහා බෝධි අංකුරයක්ද, සෝමාවතී චෛත්‍යයට නුදුරින් රෝපණය කරවන ලදී. 
සත් වසක සාපය නිමා කරමින් 1977 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙද්දී ප‍්‍රදේශවාසී ජනතාවගේ ඉතාම උග‍්‍ර ප‍්‍රශ්නය වූ වතුර පිළිබඳ තද උවමනාව කියන්නට ජේ.ආර්. ජයවර්ධන හමුවිය. මාදුරුඔය සංවර්ධනය කොට එම අර්බුදයට විසඳුම දිය හැකි බවත් එවකට පොළොන්නරුව එජාප අපේක්ෂකු වූ එච්.ජී.පී. නෙල්සන් ඊට ඉතාම සුදුසු මැදිහත්කරු බවත් පෙන්වා දුන් උන්වහන්සේ මාදුරුඔය ඉතිහාසය ගැනත් ජේ.ආර්. ජයවර්ධනයටන චිත්තාකර්ෂණීයව විස්තර කළෝය.
”මාදුරාගල’’ නමින් එයට මුලින්ම නම් තැබුවේ විජයබාහු රජතුමා බවත් ඒ අද්දරම ඇති පිඹුරත්තෑව නොහොත් ‘‘සරනේරු’’ වැවෙන් ද මුළු ප‍්‍රදේශයම සශ‍්‍රික කළ හැකි බවත් සනාථ කළෝය. වැවත් දාගැබත් සංකේතවත් කරමින් මාදුරුඔයට සම්බන්ධ එක කන්දක් වන ‘‘කන්දේගම’’ නමැති ස්ථානයේ අඩි 37 ක් දිග පිළිමයක්, විශාල දාගැබක්, ගල්කුටි 150 ක්, ළිං පොකුණු ආදියද පිහිටා ඇති බවත් පුරා විද්‍යාඥයෙකු සේ අනාවරණය කළහ. බලයට පැමිණීමෙන් පසු උන්වහන්සේගේ අනුශාසනා පරිදි මාදුරුඔය සංවර්ධනය කළ යුතු යැයි එච්.ජී.පී. නෙල්සන්, ජේ.ආර්. ජයවර්ධනයන්ගෙන් කළ ඉල්ලීම එදා එතුමා ආදරයෙන් පිළිගත්තේය.
රජය පිහිටුවා තෙමසක් ගතවීමට පෙර රජයේ පළමු සංවර්ධන ව්‍යාපාරය ලෙස ‘‘මාදුරුඔය ව්‍යාපාරය’’ ආරම්භ විය. එය ඇරැුඹීමට පෙර දිඹුලාගල හිමි එච්.ජී.පී. නෙල්සන්, ජේ.ආර්. ජයවර්ධන, ඇන්.ඇම්. පෙරේරා කොල්වින් ආර්. ද සිල්වා ද විශේෂ සාකච්ඡුාවකට පැමිණ සිටියහ.
මෙම යෝජනා ක‍්‍රමයෙන් මුළු තමන්කඩුවම සශ‍්‍රික කළ හැකි යැයි පවසමින් දිඹුලාගල හිමියෝ අනුශාසනාවක් ද කළහ.
‘‘මෙතෙක් බිහි වූ සෑම රජයක්ම අමතක කර නොසලකා හැර තිබූ මේ ප‍්‍රදේශයේ අසරණ ජනතාව රැුක ගන්නට ඉදිරිපත්වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට ස්තුති කරන්න මට වචන නැහැ. මෙය ශ්‍රේෂ්ඨ පිංකමක්. මේ සිතුමිණ අපේ ප‍්‍රදේශයට ලබාදීම නිසා ජනාධිපතිතුමාට සියළු දෙව් රැුකවරණ ලැබෙනවා ඒකාන්තයි’’.
 

            ශ්‍රී දළදා මාළිගාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ශ්‍රී දළදා මාලිගාව වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී දළදා මාළිගාව
Zahntempel Kandy.jpg
ශ්‍රී දළදා මාළිගාව, ශ්‍රී ලංකාව
තොරතුරු
සංස්ථාපනය 1595
නිර්මාතෘ(න්) පළමුවන විමලධර්මසූරිය
භික්‍ෂූන් වහන්සේ(ලා) අස්ගිරිය පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, දියවඩන නිලමේ
රට ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක 7°17′38″N 80°38′19″Eඛභ්ඩාංක: 7°17′38″N 80°38′19″E
වෙබ් අඩවිය http://www.sridaladamaligawa.lk
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම
ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

පටුන

දළදා වහන්සේ


මහනුවර දළඳා මාළිගාවේ ඉදිරිපස පෙනුම
අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම වූයේ රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතු බවය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ. මධ්‍යකාලීන යුගයයෙන් පසු පාත්‍රා ධාතූන් වහන්සේට සිදුවූදේ අභිරහසක්ව පවතී, එනමුත් දළදා වහන්සේ නිරුපද්‍රිතය.

දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය

Sri Lanka - 029 - Kandy Temple of the Tooth.jpg
මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

දළදා මාළිගයේ ඉතිහාසය

Dalada Maligawa Sri Lanka H.jpg
මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව. 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. අස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.

දියවඩන නිළමේ තනතුර


වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල
පුරාණයේ රජවරු පත්කරනු ලැබූ මෙම තනතුර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්‍රමය වෙනස් කොට ඇති කරන ලද ක්‍රම පරිපාටිය අනුව ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය විය. ශ්‍රි දළදා මාලිගාවේ චිරාගත සාම්ප්‍රදායික දළදා පුදසිරිත් ආරක්ෂා කොට රැුකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්‍ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්‍රමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ.
කන්ද උඩරට පාලනය ඉංග්‍රිසින් අතට පත්වන විට ක්‍රි.ව. 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දැරූහ අතර දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක්‍රි . ව. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම තනතුර අදත් හොබවයි. .
දියවඩන නිලමේ නම් වූ නිලනාමය සම්බන්ධයෙන් මූලාශ්‍ර සාධක ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය. දළදා වහන්සේ සම්බන්ධයෙන් දාඨාවංශයේ සඳහන් වන අයුරු ප්‍රථම නිලය වශයෙන් "ධාතුරක්ඛකාධිකාරි" තනතුර දක්නා ලැබේ. කෝට්ටේ අවසන් භාගයේ හා සීතාවක දෙල්ගමු රජමහා විහාරයෙහි දළදා වහන්සේ වැඩසිටි කාලය තුළ හිරිපිටියේ දිවනිලමේ නමින් පැවති තනතුරක් ගැන කියැවේ.
"කොට්ටෙ කළාලේ කිසිල්ලේ
දත මැද ගෙන යන්න රාළේ"
ඉහත ජනකවි දෙපදයේ එන "රාළේ" යන්න ද, ඥාන දර්ශනය නමැති කෘතියේ හා උඩරට විත්තිහි දියවඩනරාළ යනුවෙන් ද, තවත් බොහෝ තන්හි ව්‍යවහාරගතව ද පවත්නා අයුරු දියවඩන නිලමේ යන තනතුරු නාමය වෙනුවට කෝට්ටේ යුගයේදී දිවනරාළ, දියවඩනරාළ වශයෙන් ද භාවිත වූ බව පෙනේ. දිවනිලමේ, දියනිලමේ යනු ද දියවඩන නිලමේ යන්නටම බොහෝ තන්හි ව්යදවහාරව පවතී.
පැරණි මහනුවර මහවාසල සම්බන්ධව දියවඩන නිලමේ තනතුරු තුනක් පැවතියේ යැයි සැලකේ. එනම් රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ගන්නා අවස්ථාවන්හිදී රන් කොතලයෙන් ජලය වැඞීම භාරව සිටි මහ දියවඩන නිලමේ, බිසෝවරුන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිලමේ හා මහරජතුමා ශීරජත දළදා මාලිගාවට පැමිණි කල්හි අතපැන් වැඞීමටත්, මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරීමට හා නානුමුර මංගල්ලයට නානු පයිංඩ කිරීමටත්, යනාදී කටයුතු සඳහා දළදා මාලිගාවට, පත්කොට සිටි දියවඩන නිලමේ වශයෙනි.
මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පෙර රජුගේ දෑත් ධෝවනයට දිය වැඞීම මෙන්ම දළදා තේවාවට අවශ්‍ය පැන් පයිංඩ කිරීම හා නානු පයිංඩ කිරීම ද දියවඩන නිලමේටම පැවරී තිබුණ බවත් එම කටයුත්ත දැනට ගෙපරාළට පැවරී ඇති බවත් සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න "ඥානදර්ශනයේ" සඳහන් කරයි.
මහනුවර යුගයට පෙර සිට ජලය පිළිබඳ වගකීම පැවරුණු අමාත්‍යරයෙකු සිටි බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ අනුමාන කරයි. කලට වැසි ලබාදීමේ ශක්තිය ඇත්තේත්, රටේ සෞභාග්‍ය හා සමෘද්ධිය ඇතිකළ හැක්කේත් දළදා වහන්සේට බව ජනතාවගේ විශ්වාසය විය. මෙම විශ්වාසය පදනම් කරගෙන ජලවර්ධනය සම්බන්ධයෙන් රජවරුන්ගේ සුවිශේෂි අවධානය යොමු කොට ඒ සඳහා විශේෂ ධුරයක් ඇති කළැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ජල පරමු වර්ධන ඇමති තනතුර මහනුවර යුගය වනවිට දියවඩන නිලමේ නම් වූවා වියහැකි බව ආචාර්ය ගොඩකුඹුරේ අනුමාන කරයි.
දියවඩන නිලමේ සතු කාර්යභාරයන් බොහොමයක් අද පවත්නා ආකාරයට පරිවර්තනය වූයේ ඉංග්‍රිසි පාලකයන් විසින් තම රාජ්‍ය වගකීමෙන් මිදී ක්‍රි.ව. 1853 දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ වෙත පැවරුනාට පසුවය.
ශ්‍රි දළදා මාලිගාවේ ද ගිහි භාරකාරවරයා වශයෙන් ශ්‍රි දළදා වහන්සේ වැඩසිටින රන් කර`ඩුවල ප්‍රථම මහරන් කර`ඩුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිලමේවරයාය, එය වනාහි පූර්වාකෘත පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන භාග්‍යකයක් කොට සැලකේ. එදා දළදා වහන්සේගේ එකම ගිහි භාරකරුවා වශයෙන් රජතුමා සතුව තිබූ සියලූම වගකීම් සම්භාරයභාරයන් 1853 න් පසු ගිහිභාරකාර දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇත. දළදා වහන්සේගේ ආරක්ෂාව, දළදා මහරන් කර`ඩුවේ රන් යතුර භාරව සිටීම, දළදා පරම. දර්ශන පැවැත්වීම ආදියේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ සම`ග එක්ව කරිරී යා කිරීම, දළදා වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලබන චිරාගත සාම්පරිමිදායික පූජා චාරිතර ක අඛණ්ඩව නිසි ලෙස පැවැත්වීම සඳහා තේවාකාරක භික්ෂූන් වහන්සේ සම`ග අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, රාජකාරි නිලකරුවන් පත්කර දෙමින් හා ඔවුන්ගේ කටයුතු මෙහෙයවමින් අදාළ කටයුතු මැනවින් ඉටු කිරීම, වාර්ෂික සතර මංගල්ලයන් ඇතුළු සෙසු මංගලෝත්සවයන් හා සම්බන්ධ සියලූ පුද සිරිත් චිරාගත සාම්පර සලදායික චාරිතරායන නුකූලව ඉෂ්ට සිද්ධ කිරීම, ශ්‍රි දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සුරක්ෂිත කොට නිසි සේ පාලනය කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, ශ්‍රි දළදා මාලිගාවට අදාළ සේවක කාරකාදීන් පත්කිරීම , මනා මූල්ය කළමනාකරණය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ආදිය දියවඩන නිලමේ සතු කාර්යභාරයන්ගෙන් සමහරෙකි. (පුරුෂ පක්ෂයෙන් පමණක් සේවක පත්කිරීම් සිදුවිණ. දියවඩන නිලමේවරයා, බෞද්ධ ජනතාවගේ නායකයා වශයෙන් රටේ බෞද්ධයන් තුළ පවත්නා පිළිගැනීමයි. එම නායකත්වයට සරිලන ආකාරයෙන් තමන් සතු වගකීම් සම්භාරය චිරාගත සාම්ප්‍රදායාන් කඩ නොකර නිසි හැටියට ඉටු කිරීම ද ඔහුගෙන් අපේක්ෂා කෙරේ. ශ්‍රි දළදා මාලිගාවේ සියලූ අයවැය විධිමත් මූල්‍ය කළමනාකරණයකින් යුතුව ඉටු කිරීමටත් වාර්ෂික අයවැය ඇස්තමේන්තු නිසි සේ සකසා බෞද්ධ කටයුතු කොමසාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඔහු බැඳී සිටී.
දියවඩන නිලමේ කෙනෙකුගේ ධුර කාලය අවුරුදු දහයක් වේ.
වර්තමානයෙහි ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. පරම පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා ලෙස ආගමික, ජාතික, සාමාජික ආදි වශයෙන් වගකීම් සම්භාරයක් ඔහු වෙත පැවරී ඇත. එනිසාම වර්තමාන දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය වඩා පුළුල් පරාශයක පැතිරී ඇත්තේය. චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හා ක්‍රියාකාරකම් නො කඩ කොට පවත්වාගෙන යමින් ශ්‍රි දළදා මාලිගාව ලෝක බෞදධ උරුමයක් වශයෙන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමත් චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඔහු සතු ප්‍රමුඛතම වගකීම වන්නේය. එපමණක් නොව දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම, දිළිඳු බෞද්ධයන් නගාලීමට හා ආර්ථික දුෂ්කරතා ඇති ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ප්‍රදානය, වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධනය, වෛද්‍යාධාර ඇතුළු නන් විධ දළදා සරණ සේවා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමාදි කාලින සමාජ සත්කාරයන් මෙහෙයවීම ද වර්තමාන දියවඩන නිලමේ වරයා සතු කාර්ය භාරයන්ගෙන් සමහරෙකි. ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශ රාජ්‍ය අමුත්තන් ද මෙරට රාජ්‍ය පාලකයන් හා අන්‍ය ප්‍රභූවරු ද මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මෙන්ම දියවඩන නිලමේවරයා බැහැදැකීමට ද අමතකක නොකරති.

සිව් මහා දේවාල

දළඳා මාළිගාව ආශ්‍රිත ප්‍රධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැදින්වේ. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල පිහිටා ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.

නාථ දේවාල

සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල ඇති පැරණිතම ස්මාරකය වන්නේ නාථ දේවාලයයි.ද්‍රවිඩ ලක්ෂණ පෙන්නුම් කරන මෙය තුන්වන වික්‍රමබාහු රජු විසින් කරවා ඇත.ඇසල පෙරහැරේ දළඳා පෙරහැරට පසුපසින්ම ගමන් කරන පෙරහැර වේ.නාථ දේවාල කැපවි ඇත්තේමතු බුදුවන නාථ දේවියන් වෙනුවෙනි.

විෂ්ණු දේවාල

පෙරහැරේ දෙවනුවට ගමන් කරනුයේ මෙම දේවාලයේ පෙරහැරයි.විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කරවි ඇත.රජවරු අභිෂේකයෙන් පසු නලල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුවේ මෙම දේවාලයේය.

කතරගම දේවාල

14 වන සියවසේදී පමණ ඇරම්භවු බව සැලකේ.මෙම දේවාලය කතරගම දෙවියන්ට ප්‍රසිද්ධව ඇත.

පත්තිනි දේවාල

දළඳා මාළිගාව අවට ඇති පැරණි ගොඩනැගිලි අතරින් එකකි.පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස සලකන ඇය සත්වාරයක් උපත ලද බව.ජලයෙන්,මලෙන්,නයි කඳුලෙන් ,කඳුරු පොත්තෙන් ,පිනිබිනදුවෙන්,අඹෙන්,ඉපදි බව සැලකේ.ඇසළ පෙරහැරේ අවසානයට ගමන් කරන පෙරහැරයි. අතීතයේ පටන් දළඳා කරඬුව ගෙනයාමට ඇත් රාජයෙක් විය.එම තත්වය සුවිශේෂි ඇතෙකුට හිමිවේ.මේ දක්වා කාලය තුල ඇතුන් 14ක් පමණ දළඳා කරඬුව රැගෙන යාමට සමත්ව ඇත.

දළදා මාලාගවේ සතර මංගල්‍යයන්

සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය

දළඳා මාළිගාවේ ඇත් පන්තිය

SL52tooth.jpg
  1. සිංහ රාජා
  2. ඒකදන්තයා
  3. ඉන්දි රාජා
  4. සුමන
  5. විජය රාජා
  6. ජය රාජා
  7. කදිරා
  8. නාලක
  9. මියන් රාජා
  10. බුරුම රාජා
  11. මිගාර
  12. කාවේරි
  13. නවම් රාජා
  14. කණ්ඩුල

කෞතුකාගාරය

Kandy-llibresagrat3.jpg
Kandy-llibresagrat2.jpg
දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එහි පහත කෞතුක වස්තු තැන්පත් කර ඇත.
  1. සමාධි පිළිමය
  2. පැරණි ධාතු කරඩුව
  3. සිරි පතුල
  4. රිදී කලය
  5. කැටයම් කරන ලද ඇත්දත් දෙක
  6. මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
  7. කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
  8. ලේන්සු
  9. හේමකඳ
ශ්‍රී ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත.
දළදා මාළිගාවට එක් කළ නවතම ආයතනය ශ්‍රී දළදා කෞතුකාගාරයයි. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටෙවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධාකාර ශ්‍රේණි වල සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත විවිධාකාරයේ ත්‍යාග, පුද පඬුරු, පූජා කොට තිබෙන අතර ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබේ.
හිටපු දියවඩන නිලමේ කෙනෙකු වූ නෙරංජන් විජේරත්නගේ අදහසක් අනුව මෙම වටිනා වස්තූන් මහජන ප්‍රදර්ශණයට තැබිය යුතු යයි තීරණය කරන ලදී. දියවඩන නිලමේගේ ඇරයුමක් අනුව මෙම කෞතුකාගාරය ඉතා අලංකාර ලෙස සැළසුම් කර තිබේ. සංස්කෘතික ත්‍රිකෝණයේ යුනෙස්කෝ - ශ්‍රි ලංකා ව්‍යපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු වූ මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් එම සැළසුම් සකස් කරන ලදී.
ටී.බි.නුගවෙල නම් හිටපු දියවඩන නිලමේ කෙනෙකු විසින් පිහිටවනු ලැබූ අලුත් මාළිගාව නම් නව ගොඩනැගිල්ලේ පළමු සහ දෙවැනි මහල් වල මෙම දළදා කෞතුකාගාරය පිහිටා ඇත. පළමු මහලෙහි ප්‍රදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාළිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්‍රී දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු - අස්ගිරි පාර්ශව වල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ, මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන් රාශියකගේ උඩුකය පින්තූර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්ත්‍රාභරණ, බුද්ධ පූජා චාරිත්‍ර වලදි රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ සහ 1998 ජනවාරි මස දෙමළ කොටි විසින් දළදා මාළිගා පරිශ්‍රයෙහි බොම්බයක් පිපිරවු අවස්ථාවේ නිරාවරණය වූ බිත්ති සැරසිලි කැටයම් යනාදියෙහි කොටස් ආදිය දක්නට ලැබේ. මෙහි ප්‍රදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුලුල්ලේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් කර තිබු විවිධ වැදගත් ස්ථාන වල ඡායාරූප සහ බෝම්බ පිපිරීමෙන් දළදා මාළිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක්ද ඇතුළත්වේ.
දෙවැනි මහලේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්‍රි දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්‍රයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්‍රතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්‍රදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබේ. මීට අමතරව ආගමික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වටිනා භාණ්ඩද මෙම මහලෙහි ප්‍රදර්ශනය වේ. ඒවා අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජසිංහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්‍රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් (මෙය එම රජතුමා විසින් ශ්‍රී ලංකාවේ සංඝරාජ බවට පත් වූ වැලිවිට සරණංකර හිමියන් සමග තායිලන්ත භික්ෂුණ් පිරිසක් එවූ අවස්ථාවේදි ඒ සමග එවන ලද්දකි) සහ අශෝක රජතුමාගේ කාලයේදි (කි.පු.3 සියවස) තුන්වෙනි ධර්ම සංඝායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළ මොග්ගලි පුත්ත තෙරුන්ගේ ධාතු අඩංගු සුවිශේෂි ධාතු කරඬුවක් යනාදියද වෙයි. වෙනත් ඉතා වැදගත් ප්‍රදර්ශණ භාණ්ඩ නම් පුරාණ කොඩි, කාසි, බුරුමයෙන් ප්‍රදානය කරන ලද කැටයම් කළ ඇත් දත්, අනුස්මරණ ඵලක යනාදියයි. මෙම ස්ථානය බැලීමට යාමෙන් මහනුවර උරුමය, එහි සංස්කෘතික හා කලා ශිල්ප යනාදිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක.
1814 වර්ෂයේදී ශ්‍රී වික්‍රමරාජසිංහ නම් අන්තිම රජු අල්ලා ගැනිමෙන් පසු සහ ශ්‍රි දළදාවේ ආරක්ෂකයින් ලෙස මහ නා හිමි දෙපළ සමග ගිහි භාරකරුවෙකු පත් කිරීමේ සිට දියවඩන නිලමේ තනතුරෙහි බොහෝ දෙනෙකු සේවය කර ඇත. ඔවුන් නම්,