Asela Sampath

Asela Sampath
Creative Photos

Wednesday, May 14, 2014


උඩට මිහිකත පේන හැටි පෙන්වයි
2014 මැයි මස 11 18:07:32 | . , තිස්ස මඩවල
ඇමෙරිකාවේ නාසා ආයතනය අන්තර් ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සවිකර ඇති කැමරා පද්ධතිය මඟින් මහ පොළොවට බ්‍රභමණය වන  ආකාරයේ විස්මිත දර්ශන සජීවී ලෙසින් නොනවත්වා විකාශනය කිරීම ආරම්භ කර ඇත.
පැයකට කිලෝමීටර් 18000 ක වේගයෙන් පොළවට වටා කරකැවෙන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මෙම කැමරා සවිකර ඇත්තේ අනාගතයෙදී දුර ඈත ගැඹුරු අභ්‍යාවකාශයේ තොරතුරු ගවේෂණයේදී වැදගත්වන එම පරිසරයට ඔරොත්තුදෙන අන්දමේ නවීන කැමරා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දත්ත රැස්කර ගැනීමේ අරමුණෙනි.
කෙසේ වුවද එම කැමරා මඟින් පොළවට විකාශනය කෙරෙන රුප රාමු අපතේ නොයවා සියලු ලෝක වාසීන්හට දැක බලා ගැනීමට ලබාදීමට නාසා ආයතනයත් සජීවී දර්ශන විකාශනය කරනු ලබන යු එස් ස්ට්‍රීම් සමාගම සමඟ සිටියි.
තව දින කිහිපයකින් මෙම කැමරා පද්ධතියට නවීන තම වීඩියෝ කැමරා කිහිපයක්ම එකතු කිරීමට කටයුතු යොදන බව නාසා ආයතනක කියයි.
කැමරා කිහිපයක් යොදාගනිමින් විකාශනය කෙරෙන මෙම රුප රාමු සමහර අවස්තාවලදී කලුපාට බවක් පෙනෙන්නට ඇත්තේ එම වෙලාවේදී අභ්‍යාවකාශ යානය පෘතුවියේ රාත්‍රී කාලය පවත්නා පෙදෙස් පසුකර ගමන් කරන බැවිනි. 
කැමරා මාරු කරන අවස්ථාවලදී තිරය අළු පාටින් දිස්වෙයි.
පැය එක හමාරක කාලයකදී පෘතුවිය එක්වටයක් බ්‍රමණය වන ආකාරය සජීවීව දැකබලාගැනීමට හැකිවෙයි.
එමෙන්ම වලාකුළු රහිත පැහැදිලි අහසක් ඇති අවස්ථා වලදී අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ඉන්දියා කලාපය ඉහළින් යාත්‍රාකරන විට 
ශ්‍රී ලංකාව අභ්‍යාවකාශයට දිස්වන අන්දමද දැකගැනීමේ අවස්ථාවද ඇත.



"දිඹුලාගල මහ වැද්දා"
2014 මැයි මස 07 15:57:38 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 

 
ඝන කැළෑව මැදින් වැටුණු ගුරු පාර දිගේ, දිඹුලාගල විහාරභූමිය වෙත රජයේ ජීප් රථයක් වේගයෙන් ඇදී එයි. රියෙන් බට ත‍්‍රිකුණාමල දිසා ඇමැති හා පොළොන්නරුව එවකට මහජන මන්ත‍්‍රී එච්.ජී.පී.නෙල්සන් මහතා ඇතුළු රජයේ උසස් නිලධාරී පිරිසක්, දිඹුලාගල නාහිමිගේ දෙපා නමස්කාර කළහ. දෙවනුව කෙටි සාකච්ඡාවක් කරන්නට වුණි.
සැමගේ මුහුණු ප‍්‍රීතියෙත්, ජයග‍්‍රහණයේත් උද්දාමයෙන් එළිය වැටිණි. ටික දිනකින් දැලි පිහිය නුදුටු නාහිමිගේ සුදු රැුවුල රැුඳී කරුණාබර මුහුණ අව්‍යාජ සිනා රැුල්ලකින් දීප්තිමත් විය.
”ඔව් අපේ මහත්තයෝ එතුමා එන එක අපට විශාල ආඩම්බරයක්. සිංහල රජ කාලෙන් පස්සෙ මෙහාට එන පළමුවැනි රජතුමා එතුමා තමයි. මේක එතුමාගෙත් අපෙත් මහා වාසනාවක්”
පසුදින එනම් 1982 ජුනි මස 7 වැනිදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අධිපති මාතර කිතලගම සීලාලංකාර හාමුදුරුවන් බැහැ දුටුවේය.
”සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය, පොල්කටු නිකාය, බඩකඩුත්තු නිකාය, මේ අමන වචනවලට මම කැමැති නෑ මහත්තයෝ. බුදුහාමුදුරුවෝ අපට ඉගැන්නුවෙ පොදු ක‍්‍රමයක්. සාංඝික ක‍්‍රමයක්. මේ උතුම් ඉගැන්වීමට හින්දුකාරයින්ගෙ කුලභේද අර නිකායවලින් තහවුරු කරනවා. බුදුහාමුදුරුවන්ගෙ ඉගැන්වීමට අර වචන කොයිතරම් විරුද්ධද? මේක බුද්ධාගම වෙන්න බැහැ. අපේ කොල්ලො මේව දැනගෙන තමයි පංසලට නොඑන්නෙ. මම කිසිම කෙනෙකුට මහණ වෙන්න කියලා නැහැ. කියන්නෙත් නැහැ. ආවොත් මහණ කරනවා. ලැබෙන මුදල්වලින් ආරාම පන්සල් හදනවා. ඉතිරිවා නිකාය බේදයකින් තොරව දනට දෙනවා. සතයක්වත් බැංකුවල දාන්නෙ නැහැ. මගේ ක‍්‍රමේ තමයි  ඕක. ඒක හරිද අපේ මහත්තයෝ”
නැගෙනහිර පළාතේ සිංහල පවුල් 45,000 ක් පදිංචි කරමින් ආරාම 40 ක් ඉදි කරමින් (1980 වන විට) කුල දරුවන් 265 ක් සසුන් ගත කරමින් මහ වික‍්‍රමයක් කළ සීලාලංකාර නාහිමියන් එසේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ඇසීය.
” දිඹුලාගල මහ වැද්දා” යන සුරතල් නමින් ආමන්ත‍්‍රණය කළ මේ උදාර සිංහලයා දෙස අභිමානයෙන් බැලූ ජේ.ආර්. තමන් දිඹුලාගල ආ කාරණය ද හාමුදුරුවන්ගේ කණට කෙඳිරුවේ ඔහු තව තවත් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් කරමිනි.
මනුෂ්‍ය ඝාතකxප‍්‍රභාකරන්ගේ අවසානයේ ආරම්භය ”මහවිල්ආරු සොරොව්ව” වූවා මෙන් ජේ.ආර්. ජයවර්ධනයන්ගේ ජනාධිපති පදවිප‍්‍රාප්තියේ මල් වරුසාව ද මාදුරුඔය ව්‍යාපාරයයි. පදවිප‍්‍රාප්තියෙන් තුන් මසක් යන්නට මත්තෙන් ජේ.ආර්. දිඹුලාගලටම ආවේ එවැනි ප‍්‍රාතිහාර්යයක් කරන්නට නම් ප‍්‍රාදේශීය ජාතික නායකත්වයක දැනුම වගකීම ඉහළින්ම අත්‍යවශය නිසාය. එය එදා ජේ.ආර්. ආණ්ඩුවේ ප‍්‍රථම සංවර්ධන ව්‍යාපාරය විය.
දිඹුලාගල හිමියන් සාමාන්‍ය හිමිනමක් වශයෙන් පොළොන්නරුව කදුරුවෙල ප‍්‍රදේශයට මාතරින් ආවේ 1948 වැනි ඈත යුගයකදීය. එකල ඞී. එස්. සේනානායක කාගම, ඇළහැර, බකමූණ ආදී ප‍්‍රදේශවල සිංහල ජනපද බිහිකිරීමේ මූලික සංකල්පය රෝපණය කර තිබුණේය. සීලාලංකාර හිමියන්ද එම සමකාලීන යුගයේ දේශපාලන ශක්තියක් ලෙස කටයුතු කළ නිසා ජේ.ආර්. යළිත් කොළඹ ආවේ උන්වහන්සේට නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ සංඝනායක පදවිය පිළිබඳ අක්තපත‍්‍රයද පිළිගැන්වීමෙන් අනතුරුවය.
මෙහිදී අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝ මෙසේ ප‍්‍රකාශ කළහ.
”මෙම වටිනා සිද්ධස්ථානය පිළිබඳව මට පළමුවෙන්ම අසන්නට ලැබුණේ 1954 දී. වජිරාරාමවාසී මහා සංඝයාද විශාල දායක පිරිසක්ද කැටුව 1957 දී දිඹුලාගල ආරණ්‍ය දැක බලා, දිඹුලාගල අවට අසරණ වැදි ජනතාවටද නන්අයුරින් සංග‍්‍රහ කොට සතුටු වීමි.
වගවළසුන්ගේ නිජබිමක් බවට පත්ව තිබූ එම ඓතිහාසික සිද්ධස්ථානය මෑතක් වනතුරු වැද්දන්ගේ දඩබිමක්ව පැවතිණි. සියවස් ගණනාවක් තිස්සේ මිසදිටුවන්ගේ කෙළිබිමක් ද විය. වටිනා පුරාවස්තු විනාශ මුඛයට පත්වෙමින් තිබුණු අවධියක සෞභාග්‍යයෙන් පිරි රුහුණේ සිට මෙහි පැමිණි විල්පිට ආරණ්‍ය සේනාසනාධිපති උඩුපීල්ලේගොඩ පඤ්ඤාලංකාර නාහිමිපාණන්ගේ අනුග‍්‍රහය ශිෂ්‍ය රත්නයක් වු මාතර කිතලගම සීලාලංකාර ආයුෂ්මතුන් වහන්සේගේ අප‍්‍රතිහත ධෛය ර්‍්‍යය පෙන්වන කැඩපතක්වන් ජාතිකවූත් ආගමිකවූත් සේවාවන් මගේ මවිතය දනවන්නට හේතු විය.
පසු කාලයකදී මඩිහේ හිමියන්ද සීලාලංකාර හිමියන්ද උතුරු නැගෙනහිර ජනගහණය වැඩිකිරීමේ ‘‘ධර්ම ප‍්‍රචාරක’’ කටයුතුවලටද අතගසා තිබීම, ජේ.ආර්.ගේ අමනාපයට හේතු විය. ‘‘වර්ගයා බෝවීම ස්වභාවිකව සිදුවිය යුතුයි. එය බලහත්කාරයෙන් සිදුකිරීම අනවශ්‍යයි” ඔහු කීය.
ඊට ප‍්‍රතිප‍්‍රහාරයක් දුන් දිඹුලාගල හිමියෝ කදුරුවෙල මහජන රැුස්වීමකදී මෙසේ පැවසූහ.
”දැන් ඉතින් වළ පයයි. ගොඩ පයයි. සිංහල පවුල් පදිංචි කරනවාට අකමැති නම් දෙන්න නායකත්වය පේ‍්‍රමදාස මහත්තයට”
ජේ.ආර්. ලංකාවට ජනාධිපති වුවද දිඹුලාගල හිමි බුද්ධ රාජ්‍යයේ බලවතෙක් නිසා දෙදෙනාම ඇතැම් අවස්ථාවලදී කැත්තට පොල්ල මෙන් කර කියා ගත්හ.
”ඔය හාමුදුරුවො නයා වගේ ආපු ගමන් පරක්කු නොකර ඇතුළට එන්න දෙනවා.” ජේ.ආර්. සිය ජනාධිපති මන්දිරයේ නිලධාරීන්ට කියා තිබිණි.
” දිඹුලාගල මහවැද්දා ඇවිල්ලයි කියනවා” හාමුදුරුවෝ සැරයටියත් කුඩයත් පාත්තරයත් රැගෙන පැමිණ නිලධාරීන්ට කියන්නේ එපමණකි.
1924 දී මාතර කිතලගම උපත ලද (දිඹුලාගල හිමියන්ගේ) ගිහි නම හේවාදුලිගේ චාර්ලිස්ය. මව හා පියා පිළිවෙලින් ගාල්ලගේ සයිනහාමි හා එච්.ඞී. දියෝනිස්ය. ස්ථිර නිවාසයක්වත් නොමැතිව දැනටත් දිඹුලාගල හිමියන්ගේ සහෝදරයා, (85 වියැති) එච්.ඞී. රයිනාහාමි තිහගොඩ වෙසෙන අතර හිමියන්ගේ බෑනා වන නන්දදාස මදනසිංහ කිතලගම ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළැයි පැවසේ.
1950 ගණන්වල සිටම දිඹුලාගල හිමියන්ගේ පරපුර ප‍්‍රබල එජාප ආධාරකරුවන් වන අතර පසු කාලයකදී තමන් වහන්සේට ත‍්‍රිකුණාමලය දිසා ඇමැතිව බොහෝ ආධාර උපකාර කළ එච්.ජී.පී. නෙල්සන්ද මාතර/තංගල්ලෙන් නැගෙනහිර ප‍්‍රදේශයට පර්යටනය වුවෙකි.
කුඩා කළ පටන් ඉතා නිදහස් කෙළිලොල් දිවියක් ගත කළ චාර්ලිස් කොලූවා ඉගෙනීමට කිසිම ආකාරයක උනන්දුවක් දැක්වූයේ නැත. පාසලේ ඩෙස් පුටු බැංකු අතර දුව පැනයමින් ක‍්‍රීඩා කළා මිස ඔහුගේ සිත ධර්මයට තබා අකුරු ශාස්ත‍්‍රයටවත් ආකර්ශනය වූයේ නැත.
යම්තම් වයස 12 දී පමණ වර්ෂ 1936 දී චාර්ලිස් පන්සලේ ලොකු හාමුදුරුවන් සමග වන්දනා ගමනකට එක්වන අතර මුළුමනින්ම පා ගමනින් මාස ගණනාවක් කළාවූ මෙම චාරිකාව අවසන් වූයේ පොළොන්නරුවෙනි.
පන්සලක පැවිදිව භික්ෂුන් වහන්සේ කෙනෙකු වන්නට නම් අකුරු ශාස්ත‍්‍රයද කියවීම, ලිවීම අත්‍යවශ්‍ය බව චාර්ලිස් අදහන්නට පටන් ගත්තේ එදාය.
ඉන්පසු මාතර අකුරැස්සේ කඹුරුපිටිය අතර පිහිටි විල්පිට ආරණ්‍ය සේනාසනයේ (උඩුපීල්ලෙගොඩ පඤ්ඤාලංකාර හිමියන් යටතේ) පැවිදිව 1948 දී රජරට පොළොන්නරුවට වැඩම කළහ.
පොළොන්නරුව, කදුරුවෙල ශ්‍රී බුද්ධජයන්ති විහාරස්ථානයට පැමිණි උන්වහන්සේ, ප‍්‍රදේශවාසීන් විසින් භක්ත්‍යාදරයෙන් පිළිගත් අතර භාවනානුයෝගීව වාසය කිරීමට පළුගස්දමනට නුදුරු සුසාන භූමියක් තෝරා ගත්හ.
එහි වූ නුග සෙවනක් යට භාවනාවේ යෙදෙමින් මිනී වළවල් අතර සක්මනේ යෙදෙමින් පිණ්ඩපාතිකව යැපුණාහ.
ප‍්‍රදේශය  ක‍්‍රමයෙන් ජනාවාස වීම නිසා සිය භාවනාවට පළිබෝධ පැමිණියෙන් දිඹුලාගල ප‍්‍රදේශයට එන්නට කල්පනා කළහ.
ප‍්‍රදේශයේ තිබුණූ විශාලම වැව වූ ‘‘හඳපාන්විල’’ තරණය කර දින ගණනක් දන් වේලක් නැතිව තැල්කොළ, බතලකොළ,  ඕළුගෙඩි වළඳමින් ආ උන්වහන්සේට කිරි කඳක් ගෙන යන ගැමියෙකු හමුවිය. හාමුදුරුවන්ගේ ගිලන් ස්වරූපය ගැන කම්පා වූ ගැමියා කිරිකඳ උන්වහන්සේට පූජා කළෙන් දිනක් දෙකක් යැපීමට කිරි පරෙස්සම් කර ගැනීමෙන් හාමුදුරුවෝ හෙමිහිට සොරවිලට පැමිණියහ.
ඒ වන විට එහි සිටියේ කොහොඹ කොළ හා බුරුල්ල කොළ අඳින වැදි ජනතාවයි. ජීවත්වුණේ සතුන් දඩයම් කිරීමෙනි.
කටකළුවා, දිය පොළඟා, කබර මාපිලා හා නාග මාපිලා වැනි විෂඝෝර සර්පයින්ද බහුල මහ මූකලානේ ‘‘කොටරාගල’’ නමැති ස්ථානය තම වාසය සඳහා තෝරා ගනිමින් සීලාලංකාර හිමියන් කලක් එහි එකළාව වාසය කළහ.
භාවනානුයෝගීව ගතකරන ජීවිතය තාවකාලිකව නතරකොට සිංහල ජාතිය හා සිංහල බෞද්ධ සමාජය වෙනුවෙන් අමරණීය සේවයක් වහාම ආරම්භ කළ යුතු යැයි සිතුණේ මෙහිදීය.
ශ්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ දමිළ බලය ශීඝ‍්‍රයෙන් වැඩිවීම හා ඔවුන් රට අභ්‍යන්තරයට වැදී සිංහල ජනතාවට විරුද්ධව සටන් කිරීමත් නිසා බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දමා විනාශ කරන්නට වූ නිසාත් සිංහල රජවරුන්ගේ බලය ක‍්‍රමයෙන් පිරිහීම නිසාත් අනුරාධපුර රාජධානියේ සිටි ඇතැම් රජවරු පොළොන්නරුවට පැමිණ වාසය කරන්නට වූහ. මේ නිසා සතුරු කරදරවලින් මිදීමට සහ එවැනි අවස්ථාවල විවේක සුවයෙන් ගත කිරීම සඳහා පොලොන්නරුව රජවරුන්ගේ නිවාඩු නිකේතනයක් වූ බව පෙනී යයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පොළොන්නරුව රාජධානියක් හැටියටද පරිවර්තනය විය.
බුද්ධ ධර්මය ව්‍යාප්තිය සඳහා ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ කරන ලද බෞද්ධ මධ්‍යස්ථාන අතුරෙන් බෞද්ධ ධර්ම ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් වු දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ද එකක් විය. කුන්තගත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ අළුවිහාරයේදී ත‍්‍රිපිටක ධර්ම සංගායනාකොට ග‍්‍රන්ථාරූඪ කිරීමෙන් පසුව කුන්තගත්ත තිස්ස මහරහතන් වහන්සේ දිඹුලාගලට වැඩම කර පරිනිර්වාණය දක්වාම එහිම වැඩ සිටියහ. උන්වහන්සේගේ පටන් මලියදේව මහරහතන්වහන්සේ දිඹුලාගල වැඩ සිටි අවදියෙන් පසු දිඹුලාගල බෞද්ධ මධ්‍යස්ථානය අන්ධකාරයට පත්වූ බව මහාවංශය හෙළි කරයි.
ශ්‍රී ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ වශයෙන් සැළකෙන මලියදේව මහරහතන්වහන්සේ දිඹුලාගල විහාරයේ වැඩවිසූ බව සද්ධර්මලංකාරයේ ද සඳහන් වේ. මෙම ඓතිහාසික පසුබිමේ සිටිමින් සීලාලංකාර හිමියන් ‘‘ධර්ම සමය’’ උදෙසා එළඹි සිටි සිහියෙන් ඉදිරියට ආවද අතෙහි තඹ පිච්චියක්වත් නොතිබිණි.
ඒ හැරුණු කොට එම වකවානුවේදී දිඹුලාගල, මනම්පිටිය, වැලිකන්ද අරලගංවිල, යක්කුරේ, අල්ලෙවැව යන ගම්වලින් සමන්විත වූ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් එගොඩපත්තුව ප‍්‍රදේශයේ පදිංචි 3000 ක් වූ ජනගහණයෙන් සිංහලයින් සිටියේ 8 දෙනෙකි.
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බවත් එය උපයෝගී විය යුත්තේ සුද්දන් සනසන රට හිනස්සන හෝටල් කැසිනෝ අධිවේග අපභ‍්‍රංශවලින් නොව ගොවිතැන් ඵලදාව  හා දේශීය නිෂ්පාදන සංවර්ධනය කිරීමෙන් යන ඞී.එස්. හා  ඩඞ්ලි එජාපයේ මූලික දර්ශනය අනුව යැයි උන්වහන්සේ අධිෂ්ඨාන පූර්වකව සිතුවේය.
එම පළාත්වල සිංහල ජනගහණය වැඩි කළ යුතු යැයිද ජනතාවගේ සිතුම් පැතුම්වල පවතින  ඕලාරික අඳුර විනිවිද යා යුතු බවද වැඩිදුරටත් තේරුම් ගත්හ. එතුමන් ගොවිජනපද ව්‍යාප්ත කරන්නටත් කොළණි ක‍්‍රමයෙන් වුවද ජනගහණ වර්ධනය ඉස්මතු කරන්නටද පියවර ගත්හ.
දියබෙදුම, හිඟුරක්ගොඩ, මින්නේරිය, 305, 314, 313, 312, 400 පොළොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ තඹාල, කවුඩුල්ල, බුද්ධයාය,  ඕණෑගම, සෝමාවතිය, පු¥ර්, පලූගස්දමන, සේවාගම, තඹලවැව, සත්ව ගොවිපළ, පී.එස්.කොළණිය ආදී ගොවි ජනපදවල හා එගොඩපත්තුවේ සිටින බෞද්ධ ජනතාව සීලාලංකාර හිමියන්ගේ වටිනාකම අගය කරන්නේ මෙම දුරදර්ශී අමිල මෙහෙය නිසාය.
සීලාලංකාර හිමියෝ සොරවිල ගමේ ජනතාව යහමග යැවිම සඳහා ගත් උත්සාහය කිසියම් විප්ලවයක් වැන්න. සිංහල පාසලක් ආරම්භ කිරීම නිසා දරු පරපුරට අකුරු උගනීමට හා මුළුගැන්වීමෙන් තොරව පාසල් ජීවිතය තුළින් සමාජය වෙත යොමු කිරීම පහසු විය. ගතානුගතික හා පාරම්පරික සිරිත් විරිත්වලට ඇබ්බැහිව සිටි ගම්වැසියන් එයින් මුදු යහපත් සිතිවිලි හා සිතුම් පැතුම් ඔස්සේ හැඩ ගැස්වීය. පාසල් යාමට පෙර වුවද පොල් ගැසීම, කෝවිලට යාම ආදී කටයුතුවලට පෙළඹුණ ඔවුන් කෝවිල් දේවාල හා යක්ෂයින්ට පුද පුජා පවත්වමින් ඉරහඳ ඇදහීම ආදී නොයෙකුත් ඇදහිලි ක‍්‍රමවලට කොටුවී සිටියහ. 
මේ අනුව සීලාලංකාර හිමියන්ගේ ධර්ම ශාස්ත‍්‍රීය මෙහෙය හරහා මිල්ලාන, දලූකාන, ගිනිදමන, ඇල්ලෙවැව, අරලගංවිල, අලවකුඹුර, වැලිකන්ද වැනි ගම්මාන පුනරුත්ථාපනය විණි.
ආණ්ඩුවේ සෙනෙහස හෝ කරුණාව දැනෙන්නට පෙර ලංකාවේ විශාලතම පළාත් පාලන ආයතනයද වන වර්ග සැතපුම් 550 ක් වන එගොඩපත්තුව සම්පූර්ණයෙන්ම පාලනය කළේ කිතලගම සීලාලංකාර හිමියන් යැයි කීම අතිශයොක්තියක් නොවේ.
අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නායක ධුරන්ධර කොළඹ, බම්බලපිටියේ වජිරාරාමවාසී විද්‍යා විශාරද මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්වහන්සේ හමුවූ සීලාලංකාර හිමියෝ කරුණු පැහැදිලි කරදීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දායක පිරිස සහල් රෙදි, පොල්අතු ගල්ලෑලි ආදිය ලොරි ගණන් ගෙනවිත් සිංහල මෙන්ම වැදි ජනතාවද අතර බෙදා දුන්හ.
එගොඩපත්තුව වනාහි නැගෙනහිර පැත්තෙන් ගලා බසින මහවැලි නදියත් මඩකළපුව, ත‍්‍රිකුණාමලය හා අම්පාර යන දිස්ත‍්‍රික්කයන්ටත් සීමාවූ බලප‍්‍රදේශයකි. එතෙක් ගම්සබා කොට්ඨාස 13 කට සීමා වී තිබූ බලය කොට්ටාස 30 කට වැඩිකොට අවුරුදු 30 ක පමණ කාලයක් පළාතේ බලය අල්ලාගෙන සිටි දෙමළ ජාතික සභාපතියන්ගෙන් බේරාගෙන ප‍්‍රථමවරට සිංහල ජාතිකයෙකු ගම්සභාපතිවරයකු ලෙස ගෙනාවේද දිඹුලාගල හිමියෝය.
මේ පියවර සීලාලංකාර හිමියන් දියත් කළ දමිළ ‘‘නිජභූමි’’වල සිංහලයින් පදිංචි කරවීමේ කාර්යය සාර්ථකව කරගෙන යාමට මහත් අනුබලයක් විය.
එගොඩපත්තුවට සිංහලයෙකු සභාපතිවරයෙකු කරන්නට පෙර දමිළ ‘‘මොරාලය’’ බිඳීමට හාමුදුරුවන් ගත්තේ කෞටිල්‍යමය උපක‍්‍රමයන්ය.
හිටපු සහභාපතිවරයා සිය බලයේ ඉදිද්දී මනම්පිටිය නගරයේ හරක්මස් කඩයක් හා අරක්කු තැබෑරුමක් විවෘත කරන්නට උත්සාහ කිරීමේදී හාමුදුරුවන් ඊට විරුද්ධ විය.
”මේක අපේ රාජ්ජේ අපේ පැත්ත අපට  ඕනෑ විදියට මිසක් වැඩ කරන්නේ නැහැ” යි සභාපති උරුට්ටු ඇල්ලූවේය.
හොදින් කී දේට අවනත නුවූ නිසා හාමුදුරුවන් කළේ අතේ තිබුණු ශක්තිමත් කුඩය අමෝරාගෙන මද්දහනේම මහමග සභාපතිවරයාට තඩි බෑමය.
ඔහු එයින් භීතියට පත්වූ අතර හාමුදුරුවන්ගෙන් සමාව අයැද හරක්මස් කඩ, තැබෑරුම් ඇරීම අවලංගු කර මනම්පිටියේ සිට පාරක් කපා දීමටත් ආරණ්‍යයට නාන ළිඳක් කපා දීමටත් පොරොන්දු විය. එපමණකින් නොනැවතී ඔහු ආරණ්‍යයට දන් පිළිගන්වන හොඳ බෞද්ධයෙකු වූ බවද පැවසේ.
”මට නම්බුනාම  ඕනෑ නෑ. මට සල්ලි  ඕනෑ නෑ. මට හොඳ වටින පටසිවුරු  ඕනෑ නෑ. මට අනවශ්‍ය විදියට සැප පහසුකම්  ඕනෑ නෑ. මට  ඕන මම කරන වැඩවලට හොඳ හිතින් දෙන සහයෝගය විතරයි. වචනයකින් හරි දක්වන සහයෝගය මම අගය කරනවා” උන්වහන්සේ නිතර නිතර පැවසූ සේක.
නායක හාමුදුරුවන්ට හැමදාම  ඔය විදියට පයින් වඩින එක හරිම අමාරු ඇතිනෙ. වාහනයක් ගත්ත නම් මීට වැඩිය වැඩ ටිකක් කරගන්නත් පුළුවන්නෙ. මේ ගිනි අව්වට පිච්චි පිච්චි දුවිලි කාගෙන නායක හාමුදුරුවො කරන වැඩ ටික වෙන කෙනෙකුට නම් කරන්න බැහැ. වරක් එජාප ඇමැතිවරයෙක් ඉතා නිහතමානීව කීය.
”මට ජීප් තෑගි කරන්න කීප දෙනෙක් ඇහුවා. කාර් එකක් අරන් දෙන්නත් ඇහුවා. කවුරු නුදුන්නත් මට කාරෙකක් අරගන්න බැරිකමක් නැහැ. මේ පැත්තෙ ඔය කාර් බස් යන්න නැති කාලෙත් මම පයින් ගියා. අදත් යනවා. හෙටත් යනවා. මම කරන්නේ, දෙන්නේ මිනිසුන්ට ආදර්ශයක්. ඔවුන් යහමගට හරවා ගත්තේ පයින් අවිදලා. මම මේ විදියට ගත නොකළාට හොඳට සැප විඳින්න පුළුවන්. ඒ වුණත් මේ ජීවිතයට පත්වුණේ ආශාව අත්හැරලා සසර කෙටි කර ගන්න. ඒ නිසා මගේ සැප විහරණ මේ අහිංසක ජනතාවගේ සැපත වෙනුවෙන් කැප කරනවා. ඊට පිළිතුරු වශයෙන් නායක හිමියන් එසේ පැවසූහ.
පොතේ නීතියට වඩා අවංක හෘදයාංගම හා අවස්ථානෝචිත යුක්ති ධර්මය හැමවිටම අගය කළ එතුමා යම් යම් අවස්ථාවලදී ‘‘රොබින්හුඞ්’’ කෙනෙකු ලෙසද ක‍්‍රියා කර ඇත.
1978 වර්ෂයේ නොවැම්බර් මස 23 වැනි දින රාත‍්‍රියේ නැගෙනහිර පළාත සුණු විසුණු කරමින් දහස් ගණනක් මරුමුවට පත් කරමින් හමා ගිය සුළි සුළඟ ලක්වැසියාට ස්වභාව ධර්මය පිළිබඳව භීතියක් ගෙනාවේය.
මෙම තත්ත්වය යටත් නොතෙමී යම්තම් හෝ ආරක්ෂාවීමට තිබුණෙ දිඹුලාගල පන්සලේ නොකැඞී ඉතිිරි වූ ගොඩනැගිලි කීපය පමණි. කඩාවැටී බිම වසාගෙන තිබණු ගස් කොළන්වලින් සහ වෙනත් සුන්බුන්වලින් පැන පැන පැදුරකින් වැස්සට ආවරණය වී නායක හිමියෝ වහ වහා පොළොන්නරුවට වැඩියහ. අතරමගදී දුම්රිය සේවකයෙක් විසින් දුන් වැහිකබායක් ඇතිව පාගමනින්ම දුෂ්කර ගමනක් ගිය නායකහිමියෝ උසස් නිලධාරීන් හමුවී වහාම ආධාර ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. නමුත් නිලධාරීන් ‘‘නීති රීති’’ ගැන තළුමැරුවා විනා මහජනතාවගේ කුසගින්න හෝ ආරක්ෂාව ගැන නොසිතූහ.
සුළි සුළඟ නිසා විපතට පත් දිඹුලාගල විවිධසේවා සමුපකාර සමිතියේ තොග ගබඩාවෙහි ලක්ෂ ගණනාවක් වටිනා ආහාර තොග තෙමී විනාශයට පත්ව තිබෙන හැටි බැලූවේය. කැඳ උගුරක් හෝ නොමැතිව ක්ලාන්තව ඇදවැටෙන ජනතාවට කෙසේ හෝ ආහාර ටිකක් සපයා දීමේ ක‍්‍රමයක් සිතුහ.
හාමුදුරුවෝ ක්ෂණික සංවිධානයක් ඇති කර ගත්හ. ඊට පසු දිඹුලාගල සමුපකාරයේ හාල්, පිටි, ලූණු ආදිය වැස්සට තෙමී අපතේ යමින් තිබියදී එම සමිතියේ ම අය ඒවා දීමට මැලිවෙද්දී ලියවිල්ලක් දී තමන් වහන්සේ ගන්නා බඩුවලට සමිතියට බැරිනම් පෞද්ගලිකව හෝ ගෙවන බව පවසමින් එම බඩු ට‍්‍රැක්ටරයක පුරවාගෙන පාරට ගෙනවිත් විපතට පත් දහස් ගණනකට ? දවල් නොතකා වතුර බිබී කුසගින්නේම බෙදා දුන්හ. අපි ඒවා කෑවා නොවෙයි දහස් ගණනක් මැරෙන්න යද්දී ඔවුන් ජීවත් කරන්නයි බෙදා දුන්නේ. ගෙවන්න කියනවා නම් ගෙවනවා. නැත්නම් හිරේ යනවා.
නාහිමියන්ගේ උත්සාහයත් අප‍්‍රතිහත ධෛර්යත් නිසා මෙතෙක් වන ගහනය තුළ සැඟවී බොදුණුවන්ගේ නෙත නොගැටී තිබුණු දකුණු දළදා වහන්සේ නිධන් කරන ලද සෝමාවතී චෛත්‍යය සොයා ගැනීම හා එහි සංවර්ධන කටයුතුවලට මූලාරම්භය සිදුවූ ආකාරයද ඓතිහාසික සිද්ධියක්.1980 ජුලි මස 05 වැනි දින දිඹුලාගල නායක හිමියන් ප‍්‍රදාන කොටගත් ඒ කණ්ඩායමේ විස්තරය එදා රිවිරැුස පුවත්පත වාර්තා කර තිබුණේ මෙසේය.
”සෝමාවතී අභය භූමියට අයත් අලි කොටි වළසුන් ගහන මහ වන මැද පිහිටි ඉපැරණි චෛත්‍යක් සොයාගෙන එය එළි පෙහෙළි කර වැඩි දියුණු කිරීමේ කටයුතු දිඹුලාගල නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිණි. මෙම චෛත්‍ය ඉපැරණි සෝමාවතී චෛත්‍යයැයි සිතනු ලැබේ”
දින එකහමාරක් තිස්සේ ඝන වනාන්තරය තුළට කිඳා බැස ගිය ඔවුනට අවට ලැහැබ කපා පිළිස්සීමෙන් අනතුරුව අඩි 500 කට වැඩි විශ්කම්භයකින් යුත් අඩි 40 ක් පමණ උස ගරාවැටුණු චෛත්‍ය හමු විය.
පසුව සිරිල් මැතිව් මැතිතුමා විසින් ශ්‍රී මහා බෝධි අංකුරයක්ද, සෝමාවතී චෛත්‍යයට නුදුරින් රෝපණය කරවන ලදී. 
සත් වසක සාපය නිමා කරමින් 1977 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙද්දී ප‍්‍රදේශවාසී ජනතාවගේ ඉතාම උග‍්‍ර ප‍්‍රශ්නය වූ වතුර පිළිබඳ තද උවමනාව කියන්නට ජේ.ආර්. ජයවර්ධන හමුවිය. මාදුරුඔය සංවර්ධනය කොට එම අර්බුදයට විසඳුම දිය හැකි බවත් එවකට පොළොන්නරුව එජාප අපේක්ෂකු වූ එච්.ජී.පී. නෙල්සන් ඊට ඉතාම සුදුසු මැදිහත්කරු බවත් පෙන්වා දුන් උන්වහන්සේ මාදුරුඔය ඉතිහාසය ගැනත් ජේ.ආර්. ජයවර්ධනයටන චිත්තාකර්ෂණීයව විස්තර කළෝය.
”මාදුරාගල’’ නමින් එයට මුලින්ම නම් තැබුවේ විජයබාහු රජතුමා බවත් ඒ අද්දරම ඇති පිඹුරත්තෑව නොහොත් ‘‘සරනේරු’’ වැවෙන් ද මුළු ප‍්‍රදේශයම සශ‍්‍රික කළ හැකි බවත් සනාථ කළෝය. වැවත් දාගැබත් සංකේතවත් කරමින් මාදුරුඔයට සම්බන්ධ එක කන්දක් වන ‘‘කන්දේගම’’ නමැති ස්ථානයේ අඩි 37 ක් දිග පිළිමයක්, විශාල දාගැබක්, ගල්කුටි 150 ක්, ළිං පොකුණු ආදියද පිහිටා ඇති බවත් පුරා විද්‍යාඥයෙකු සේ අනාවරණය කළහ. බලයට පැමිණීමෙන් පසු උන්වහන්සේගේ අනුශාසනා පරිදි මාදුරුඔය සංවර්ධනය කළ යුතු යැයි එච්.ජී.පී. නෙල්සන්, ජේ.ආර්. ජයවර්ධනයන්ගෙන් කළ ඉල්ලීම එදා එතුමා ආදරයෙන් පිළිගත්තේය.
රජය පිහිටුවා තෙමසක් ගතවීමට පෙර රජයේ පළමු සංවර්ධන ව්‍යාපාරය ලෙස ‘‘මාදුරුඔය ව්‍යාපාරය’’ ආරම්භ විය. එය ඇරැුඹීමට පෙර දිඹුලාගල හිමි එච්.ජී.පී. නෙල්සන්, ජේ.ආර්. ජයවර්ධන, ඇන්.ඇම්. පෙරේරා කොල්වින් ආර්. ද සිල්වා ද විශේෂ සාකච්ඡුාවකට පැමිණ සිටියහ.
මෙම යෝජනා ක‍්‍රමයෙන් මුළු තමන්කඩුවම සශ‍්‍රික කළ හැකි යැයි පවසමින් දිඹුලාගල හිමියෝ අනුශාසනාවක් ද කළහ.
‘‘මෙතෙක් බිහි වූ සෑම රජයක්ම අමතක කර නොසලකා හැර තිබූ මේ ප‍්‍රදේශයේ අසරණ ජනතාව රැුක ගන්නට ඉදිරිපත්වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට ස්තුති කරන්න මට වචන නැහැ. මෙය ශ්‍රේෂ්ඨ පිංකමක්. මේ සිතුමිණ අපේ ප‍්‍රදේශයට ලබාදීම නිසා ජනාධිපතිතුමාට සියළු දෙව් රැුකවරණ ලැබෙනවා ඒකාන්තයි’’.
 

            ශ්‍රී දළදා මාළිගාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ශ්‍රී දළදා මාලිගාව වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී දළදා මාළිගාව
Zahntempel Kandy.jpg
ශ්‍රී දළදා මාළිගාව, ශ්‍රී ලංකාව
තොරතුරු
සංස්ථාපනය 1595
නිර්මාතෘ(න්) පළමුවන විමලධර්මසූරිය
භික්‍ෂූන් වහන්සේ(ලා) අස්ගිරිය පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, දියවඩන නිලමේ
රට ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක 7°17′38″N 80°38′19″Eඛභ්ඩාංක: 7°17′38″N 80°38′19″E
වෙබ් අඩවිය http://www.sridaladamaligawa.lk
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම
ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.
දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.
දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

පටුන

දළදා වහන්සේ


මහනුවර දළඳා මාළිගාවේ ඉදිරිපස පෙනුම
අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම වූයේ රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතු බවය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ. මධ්‍යකාලීන යුගයයෙන් පසු පාත්‍රා ධාතූන් වහන්සේට සිදුවූදේ අභිරහසක්ව පවතී, එනමුත් දළදා වහන්සේ නිරුපද්‍රිතය.

දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය

Sri Lanka - 029 - Kandy Temple of the Tooth.jpg
මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

දළදා මාළිගයේ ඉතිහාසය

Dalada Maligawa Sri Lanka H.jpg
මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව. 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. අස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.

දියවඩන නිළමේ තනතුර


වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල
පුරාණයේ රජවරු පත්කරනු ලැබූ මෙම තනතුර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්‍රමය වෙනස් කොට ඇති කරන ලද ක්‍රම පරිපාටිය අනුව ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය විය. ශ්‍රි දළදා මාලිගාවේ චිරාගත සාම්ප්‍රදායික දළදා පුදසිරිත් ආරක්ෂා කොට රැුකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්‍ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්‍රමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ.
කන්ද උඩරට පාලනය ඉංග්‍රිසින් අතට පත්වන විට ක්‍රි.ව. 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දැරූහ අතර දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක්‍රි . ව. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම තනතුර අදත් හොබවයි. .
දියවඩන නිලමේ නම් වූ නිලනාමය සම්බන්ධයෙන් මූලාශ්‍ර සාධක ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය. දළදා වහන්සේ සම්බන්ධයෙන් දාඨාවංශයේ සඳහන් වන අයුරු ප්‍රථම නිලය වශයෙන් "ධාතුරක්ඛකාධිකාරි" තනතුර දක්නා ලැබේ. කෝට්ටේ අවසන් භාගයේ හා සීතාවක දෙල්ගමු රජමහා විහාරයෙහි දළදා වහන්සේ වැඩසිටි කාලය තුළ හිරිපිටියේ දිවනිලමේ නමින් පැවති තනතුරක් ගැන කියැවේ.
"කොට්ටෙ කළාලේ කිසිල්ලේ
දත මැද ගෙන යන්න රාළේ"
ඉහත ජනකවි දෙපදයේ එන "රාළේ" යන්න ද, ඥාන දර්ශනය නමැති කෘතියේ හා උඩරට විත්තිහි දියවඩනරාළ යනුවෙන් ද, තවත් බොහෝ තන්හි ව්‍යවහාරගතව ද පවත්නා අයුරු දියවඩන නිලමේ යන තනතුරු නාමය වෙනුවට කෝට්ටේ යුගයේදී දිවනරාළ, දියවඩනරාළ වශයෙන් ද භාවිත වූ බව පෙනේ. දිවනිලමේ, දියනිලමේ යනු ද දියවඩන නිලමේ යන්නටම බොහෝ තන්හි ව්යදවහාරව පවතී.
පැරණි මහනුවර මහවාසල සම්බන්ධව දියවඩන නිලමේ තනතුරු තුනක් පැවතියේ යැයි සැලකේ. එනම් රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ගන්නා අවස්ථාවන්හිදී රන් කොතලයෙන් ජලය වැඞීම භාරව සිටි මහ දියවඩන නිලමේ, බිසෝවරුන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිලමේ හා මහරජතුමා ශීරජත දළදා මාලිගාවට පැමිණි කල්හි අතපැන් වැඞීමටත්, මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරීමට හා නානුමුර මංගල්ලයට නානු පයිංඩ කිරීමටත්, යනාදී කටයුතු සඳහා දළදා මාලිගාවට, පත්කොට සිටි දියවඩන නිලමේ වශයෙනි.
මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පෙර රජුගේ දෑත් ධෝවනයට දිය වැඞීම මෙන්ම දළදා තේවාවට අවශ්‍ය පැන් පයිංඩ කිරීම හා නානු පයිංඩ කිරීම ද දියවඩන නිලමේටම පැවරී තිබුණ බවත් එම කටයුත්ත දැනට ගෙපරාළට පැවරී ඇති බවත් සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න "ඥානදර්ශනයේ" සඳහන් කරයි.
මහනුවර යුගයට පෙර සිට ජලය පිළිබඳ වගකීම පැවරුණු අමාත්‍යරයෙකු සිටි බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ අනුමාන කරයි. කලට වැසි ලබාදීමේ ශක්තිය ඇත්තේත්, රටේ සෞභාග්‍ය හා සමෘද්ධිය ඇතිකළ හැක්කේත් දළදා වහන්සේට බව ජනතාවගේ විශ්වාසය විය. මෙම විශ්වාසය පදනම් කරගෙන ජලවර්ධනය සම්බන්ධයෙන් රජවරුන්ගේ සුවිශේෂි අවධානය යොමු කොට ඒ සඳහා විශේෂ ධුරයක් ඇති කළැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ජල පරමු වර්ධන ඇමති තනතුර මහනුවර යුගය වනවිට දියවඩන නිලමේ නම් වූවා වියහැකි බව ආචාර්ය ගොඩකුඹුරේ අනුමාන කරයි.
දියවඩන නිලමේ සතු කාර්යභාරයන් බොහොමයක් අද පවත්නා ආකාරයට පරිවර්තනය වූයේ ඉංග්‍රිසි පාලකයන් විසින් තම රාජ්‍ය වගකීමෙන් මිදී ක්‍රි.ව. 1853 දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ වෙත පැවරුනාට පසුවය.
ශ්‍රි දළදා මාලිගාවේ ද ගිහි භාරකාරවරයා වශයෙන් ශ්‍රි දළදා වහන්සේ වැඩසිටින රන් කර`ඩුවල ප්‍රථම මහරන් කර`ඩුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිලමේවරයාය, එය වනාහි පූර්වාකෘත පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන භාග්‍යකයක් කොට සැලකේ. එදා දළදා වහන්සේගේ එකම ගිහි භාරකරුවා වශයෙන් රජතුමා සතුව තිබූ සියලූම වගකීම් සම්භාරයභාරයන් 1853 න් පසු ගිහිභාරකාර දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇත. දළදා වහන්සේගේ ආරක්ෂාව, දළදා මහරන් කර`ඩුවේ රන් යතුර භාරව සිටීම, දළදා පරම. දර්ශන පැවැත්වීම ආදියේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ සම`ග එක්ව කරිරී යා කිරීම, දළදා වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලබන චිරාගත සාම්පරිමිදායික පූජා චාරිතර ක අඛණ්ඩව නිසි ලෙස පැවැත්වීම සඳහා තේවාකාරක භික්ෂූන් වහන්සේ සම`ග අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, රාජකාරි නිලකරුවන් පත්කර දෙමින් හා ඔවුන්ගේ කටයුතු මෙහෙයවමින් අදාළ කටයුතු මැනවින් ඉටු කිරීම, වාර්ෂික සතර මංගල්ලයන් ඇතුළු සෙසු මංගලෝත්සවයන් හා සම්බන්ධ සියලූ පුද සිරිත් චිරාගත සාම්පර සලදායික චාරිතරායන නුකූලව ඉෂ්ට සිද්ධ කිරීම, ශ්‍රි දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සුරක්ෂිත කොට නිසි සේ පාලනය කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, ශ්‍රි දළදා මාලිගාවට අදාළ සේවක කාරකාදීන් පත්කිරීම , මනා මූල්ය කළමනාකරණය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ආදිය දියවඩන නිලමේ සතු කාර්යභාරයන්ගෙන් සමහරෙකි. (පුරුෂ පක්ෂයෙන් පමණක් සේවක පත්කිරීම් සිදුවිණ. දියවඩන නිලමේවරයා, බෞද්ධ ජනතාවගේ නායකයා වශයෙන් රටේ බෞද්ධයන් තුළ පවත්නා පිළිගැනීමයි. එම නායකත්වයට සරිලන ආකාරයෙන් තමන් සතු වගකීම් සම්භාරය චිරාගත සාම්ප්‍රදායාන් කඩ නොකර නිසි හැටියට ඉටු කිරීම ද ඔහුගෙන් අපේක්ෂා කෙරේ. ශ්‍රි දළදා මාලිගාවේ සියලූ අයවැය විධිමත් මූල්‍ය කළමනාකරණයකින් යුතුව ඉටු කිරීමටත් වාර්ෂික අයවැය ඇස්තමේන්තු නිසි සේ සකසා බෞද්ධ කටයුතු කොමසාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඔහු බැඳී සිටී.
දියවඩන නිලමේ කෙනෙකුගේ ධුර කාලය අවුරුදු දහයක් වේ.
වර්තමානයෙහි ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. පරම පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා ලෙස ආගමික, ජාතික, සාමාජික ආදි වශයෙන් වගකීම් සම්භාරයක් ඔහු වෙත පැවරී ඇත. එනිසාම වර්තමාන දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය වඩා පුළුල් පරාශයක පැතිරී ඇත්තේය. චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හා ක්‍රියාකාරකම් නො කඩ කොට පවත්වාගෙන යමින් ශ්‍රි දළදා මාලිගාව ලෝක බෞදධ උරුමයක් වශයෙන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමත් චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඔහු සතු ප්‍රමුඛතම වගකීම වන්නේය. එපමණක් නොව දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම, දිළිඳු බෞද්ධයන් නගාලීමට හා ආර්ථික දුෂ්කරතා ඇති ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ප්‍රදානය, වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධනය, වෛද්‍යාධාර ඇතුළු නන් විධ දළදා සරණ සේවා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමාදි කාලින සමාජ සත්කාරයන් මෙහෙයවීම ද වර්තමාන දියවඩන නිලමේ වරයා සතු කාර්ය භාරයන්ගෙන් සමහරෙකි. ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශ රාජ්‍ය අමුත්තන් ද මෙරට රාජ්‍ය පාලකයන් හා අන්‍ය ප්‍රභූවරු ද මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මෙන්ම දියවඩන නිලමේවරයා බැහැදැකීමට ද අමතකක නොකරති.

සිව් මහා දේවාල

දළඳා මාළිගාව ආශ්‍රිත ප්‍රධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැදින්වේ. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල පිහිටා ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.

නාථ දේවාල

සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල ඇති පැරණිතම ස්මාරකය වන්නේ නාථ දේවාලයයි.ද්‍රවිඩ ලක්ෂණ පෙන්නුම් කරන මෙය තුන්වන වික්‍රමබාහු රජු විසින් කරවා ඇත.ඇසල පෙරහැරේ දළඳා පෙරහැරට පසුපසින්ම ගමන් කරන පෙරහැර වේ.නාථ දේවාල කැපවි ඇත්තේමතු බුදුවන නාථ දේවියන් වෙනුවෙනි.

විෂ්ණු දේවාල

පෙරහැරේ දෙවනුවට ගමන් කරනුයේ මෙම දේවාලයේ පෙරහැරයි.විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කරවි ඇත.රජවරු අභිෂේකයෙන් පසු නලල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබුවේ මෙම දේවාලයේය.

කතරගම දේවාල

14 වන සියවසේදී පමණ ඇරම්භවු බව සැලකේ.මෙම දේවාලය කතරගම දෙවියන්ට ප්‍රසිද්ධව ඇත.

පත්තිනි දේවාල

දළඳා මාළිගාව අවට ඇති පැරණි ගොඩනැගිලි අතරින් එකකි.පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස සලකන ඇය සත්වාරයක් උපත ලද බව.ජලයෙන්,මලෙන්,නයි කඳුලෙන් ,කඳුරු පොත්තෙන් ,පිනිබිනදුවෙන්,අඹෙන්,ඉපදි බව සැලකේ.ඇසළ පෙරහැරේ අවසානයට ගමන් කරන පෙරහැරයි. අතීතයේ පටන් දළඳා කරඬුව ගෙනයාමට ඇත් රාජයෙක් විය.එම තත්වය සුවිශේෂි ඇතෙකුට හිමිවේ.මේ දක්වා කාලය තුල ඇතුන් 14ක් පමණ දළඳා කරඬුව රැගෙන යාමට සමත්ව ඇත.

දළදා මාලාගවේ සතර මංගල්‍යයන්

සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය

දළඳා මාළිගාවේ ඇත් පන්තිය

SL52tooth.jpg
  1. සිංහ රාජා
  2. ඒකදන්තයා
  3. ඉන්දි රාජා
  4. සුමන
  5. විජය රාජා
  6. ජය රාජා
  7. කදිරා
  8. නාලක
  9. මියන් රාජා
  10. බුරුම රාජා
  11. මිගාර
  12. කාවේරි
  13. නවම් රාජා
  14. කණ්ඩුල

කෞතුකාගාරය

Kandy-llibresagrat3.jpg
Kandy-llibresagrat2.jpg
දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එහි පහත කෞතුක වස්තු තැන්පත් කර ඇත.
  1. සමාධි පිළිමය
  2. පැරණි ධාතු කරඩුව
  3. සිරි පතුල
  4. රිදී කලය
  5. කැටයම් කරන ලද ඇත්දත් දෙක
  6. මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
  7. කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
  8. ලේන්සු
  9. හේමකඳ
ශ්‍රී ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත.
දළදා මාළිගාවට එක් කළ නවතම ආයතනය ශ්‍රී දළදා කෞතුකාගාරයයි. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටෙවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධාකාර ශ්‍රේණි වල සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත විවිධාකාරයේ ත්‍යාග, පුද පඬුරු, පූජා කොට තිබෙන අතර ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබේ.
හිටපු දියවඩන නිලමේ කෙනෙකු වූ නෙරංජන් විජේරත්නගේ අදහසක් අනුව මෙම වටිනා වස්තූන් මහජන ප්‍රදර්ශණයට තැබිය යුතු යයි තීරණය කරන ලදී. දියවඩන නිලමේගේ ඇරයුමක් අනුව මෙම කෞතුකාගාරය ඉතා අලංකාර ලෙස සැළසුම් කර තිබේ. සංස්කෘතික ත්‍රිකෝණයේ යුනෙස්කෝ - ශ්‍රි ලංකා ව්‍යපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු වූ මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් එම සැළසුම් සකස් කරන ලදී.
ටී.බි.නුගවෙල නම් හිටපු දියවඩන නිලමේ කෙනෙකු විසින් පිහිටවනු ලැබූ අලුත් මාළිගාව නම් නව ගොඩනැගිල්ලේ පළමු සහ දෙවැනි මහල් වල මෙම දළදා කෞතුකාගාරය පිහිටා ඇත. පළමු මහලෙහි ප්‍රදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාළිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්‍රී දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු - අස්ගිරි පාර්ශව වල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ, මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන් රාශියකගේ උඩුකය පින්තූර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්ත්‍රාභරණ, බුද්ධ පූජා චාරිත්‍ර වලදි රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ සහ 1998 ජනවාරි මස දෙමළ කොටි විසින් දළදා මාළිගා පරිශ්‍රයෙහි බොම්බයක් පිපිරවු අවස්ථාවේ නිරාවරණය වූ බිත්ති සැරසිලි කැටයම් යනාදියෙහි කොටස් ආදිය දක්නට ලැබේ. මෙහි ප්‍රදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුලුල්ලේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් කර තිබු විවිධ වැදගත් ස්ථාන වල ඡායාරූප සහ බෝම්බ පිපිරීමෙන් දළදා මාළිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක්ද ඇතුළත්වේ.
දෙවැනි මහලේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්‍රි දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්‍රයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්‍රතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්‍රදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබේ. මීට අමතරව ආගමික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වටිනා භාණ්ඩද මෙම මහලෙහි ප්‍රදර්ශනය වේ. ඒවා අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජසිංහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්‍රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් (මෙය එම රජතුමා විසින් ශ්‍රී ලංකාවේ සංඝරාජ බවට පත් වූ වැලිවිට සරණංකර හිමියන් සමග තායිලන්ත භික්ෂුණ් පිරිසක් එවූ අවස්ථාවේදි ඒ සමග එවන ලද්දකි) සහ අශෝක රජතුමාගේ කාලයේදි (කි.පු.3 සියවස) තුන්වෙනි ධර්ම සංඝායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළ මොග්ගලි පුත්ත තෙරුන්ගේ ධාතු අඩංගු සුවිශේෂි ධාතු කරඬුවක් යනාදියද වෙයි. වෙනත් ඉතා වැදගත් ප්‍රදර්ශණ භාණ්ඩ නම් පුරාණ කොඩි, කාසි, බුරුමයෙන් ප්‍රදානය කරන ලද කැටයම් කළ ඇත් දත්, අනුස්මරණ ඵලක යනාදියයි. මෙම ස්ථානය බැලීමට යාමෙන් මහනුවර උරුමය, එහි සංස්කෘතික හා කලා ශිල්ප යනාදිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක.
1814 වර්ෂයේදී ශ්‍රී වික්‍රමරාජසිංහ නම් අන්තිම රජු අල්ලා ගැනිමෙන් පසු සහ ශ්‍රි දළදාවේ ආරක්ෂකයින් ලෙස මහ නා හිමි දෙපළ සමග ගිහි භාරකරුවෙකු පත් කිරීමේ සිට දියවඩන නිලමේ තනතුරෙහි බොහෝ දෙනෙකු සේවය කර ඇත. ඔවුන් නම්,

                         www.siyabas.lk


මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා ‍දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ  තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.

මෙය ඉතා කඩිනම් ගමනකින් පෙරට යන තොරතුරු තාක්‍ෂණ දියුණුවේ ප්‍රතිඵල තම ප්‍රධාන භාෂාව ලෙස ශ්‍රී ලාංකීය දේශීය භාෂා භාවිතා කරන ජනතාවට ලබා දීම සඳහා යන ගමනේ දී තබන තවත් වැදගත් පියවරකි.


පරිගණක කටයුතු සදහා දේශීය භාෂා යොදා ගැනීමේ ගෝලීය ව සම්මත විධික්‍රමය වන යුනිකෝඩ් ක්‍ර‍මය අපි දු පරිගණක දේශීයකරණය සඳහා යොදා ගතිමු.


එ මගින් විවිධ වූ පරිගණක වේදිකාවල මෙතෙක් ඉටු කොට ඇති අති මහත් කටයුතු රාශියක් හා අදාල සම්පත් රාශියක් මෙය රැගෙන ඒ.


මෙහි ඇති සම්පත් භාවිතා කොට එහි ගුණ-අගුණ අප වෙත දන්වන ලෙසත් මෙය තවත් ඉදිරියට ගෙන යාමට මෙම සම්පත් වඩන ශ්‍රී ලාංකික යුනිකෝඩ් ප්‍රජාවට එක් වන ලෙසත් කාරුණික ව ආයාචනය කරමු.

ඉතිහාසය
1.     පසුබිම

1980 අග භාගයේදීම පරිගණකවල සිංහල භාවිතය සඳහා නොයෙකුත් ප්‍රයත්නයන් දරන අතර DMS ආයතනය හා මෙට්‍රොපොලිටන් ආයතනය නිපදවූ සිංහල භාවිත මෘදුකාංග ඒ අතර කැපී පෙනයි.  මින් පසු විජය ග්‍රැෆික්ස් ආයතනය, ඇපල් මැකින්ටොෂ් ෆොන්ට් නිපදවූ අතර ඒවා මුද්‍රණ කටයුතු සඳහා බහුලව භාවිතා විය.  ශ්‍රී ලංකාවට ක්‍ෂ්‍රද්‍ර පරිගණක හඳුන්වා දීමත් සමගම සිංහල භාෂාවෙන් පරිගණක භාවිතයේ අවශ්‍යතා වඩාත් දැඩි විය. කොළඹ සරසවිය රූපවාහිනිය සඳහා සිංහල අකුරු මුහුණත් සංවර්ධනය කළ අතර වසර කිහිපයක් තුල රූපවාහිනීයෙන් ත්‍රෛභාෂිකව මැතිවරණ ප්‍රතිඵල ලබා දීමට සමත් වුනි. එසේ වුව ද සිංහල අකුරු පරිගණක තුල භාවිතය සඳහා සම්මත කේතන ක්‍රමයක අවශ්‍යතාව මෙම කාලයේ දී හඳුනා ගන්නා ලද අතර 1985 දී ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්‍ෂණෙවේද සභාව (CINTEC- සින්ටෙක්) පිහිට වූ පසු සිංහල හා දමිළ භාෂාවලින් පරිගණක භාවිත අවශ්‍යතා පිළිබඳව කටයුතු කිරීමට කම්ටුවක් පිහිටවන ලදී.

මෙම කමිටුව නිවැරදි ව හා කඩිනමින් ක්‍රියා කොට පළමුව පිළිගත හැකි සිංහල අකාරාදිය හා අකාරාදි පිළිවෙල තීරණය කරන ලදී. මෙම කමිටුව ස්වභාවික සම්පත්, බල ශක්ති හා විද්‍යා අධිකාරිය (NARESA) මගින් පත් කළ කමිටුව සමග කටයුතු කොට “තොරතුරු තාක්‍ෂණය සඳහා ජාතික භාෂා යොදා ගැනීමේ කමිටුව” (Committee on Adaptation of National Languages in IT - CANLIT) පිහිටුවන ලදී.  දමිළ භාෂා කටයුතු ඉන්දියාවේ කෙරෙන හෙයින් හා සම්බන්‍ධ  කටයුතු එ වේලේ නොකෙරිනි.  මෙම කමිටුවට තොරතුරු තාක්‍ෂණ මෙන්ම සිංහල භාෂා ප්‍රවීණයන් අඩංගු විය.
2. සිංහල අකාරාදිය හා අකාරාදි පිළිවෙල

මෙම කමිටුව සැකසූ  සිංහල අකාරාදිය සඳහා ස්වර 16ක්, අර්ධ ව්‍යාංජනාක්‍ෂර 2ක් හා ව්‍යාංජනාක්‍ෂර 41ක් අඩංගු වූ අතර එය සින්ටෙක්

1990 වසරේදී එළි දැක්වූ ප්‍රකාශනයේ අඩංගු විය.  මෙම කමිටුව නව ‘ෆ’ ව්‍යාංජනාක්‍ෂරය හඳුන්වා දුනි.  එහි දැක්වූ අකාරාදි පිළිවළට කමිටුව එකඟ වූ අතර එයට පහත ඡේදයේ දැක්වෙන ආකාරයට සුළු වෙනස් වීමක් ද එමගින් හඳුන්වා දුනි.  තොරතුරු තාක්‍ෂණ හා භාෂා ප්‍රවීණයන්ගෙන් සැදි මෙම කමිටුවට අකාරාදී පිළිවෙළට එකඟ වීම සඳහා මාස ගණනක් සාකච්ඡා කිරීමට සිදු විය.
3.  සම්මත සිංහල අක්‍ෂර මාලාව

සම්මත සිංහල අක්‍ෂර මාලාව සැකසීම සඳහා සිංහල භාෂාවට සෑහෙන දුරට සමාන තායි භාෂාවේ අක්‍ෂර මාලාව පිළිබඳ අධ්‍යයනයක්, තායිලන්තයේ තාමසාට් සරසවියේ ආචාර්ය තවීසක් කොනන්ටකූල් සමග එක්ව කරන ලදී.  තනි බයිටයකින් සැදි ASCII කේතන වගුවේ (ISO 646) AO සිට FF දක්වා වූ කේත පිරවිය හැකි බිටු 7කින් යුත් කේතන ක්‍රමයක් සැකසීම මෙහි අදහස විය.  මෙහි ප්‍රතිඵල ලෙස යෝජනා කළ සම්මත කේතන ක්‍රමය CINTEC විසින් අනුමත කරන ලදී.
4.  තොරතුරු හුවමාරුව සඳහා වූ සිංහල සම්මත කේත ක්‍රමය

The standard code for Information Interchange - SLASCII (ස්ලස්කි) ලෙස අනුමත වූ ඉහත විස්තර කළ කේත ක්‍රමය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1134 ලෙස 1996 වසරේදී සම්මත කර ගන්නා ලදී.  මෙය පසුව සම්මත වූ යුනිකෝඩ් කේත ක්‍රමය කරා යාමට පාදක වුවද එය යුනිකෝඩ් කේත ක්‍රමය හා ආකාර කිහිපයක දී  නො ගැලපුනි.  ලොව බොහෝ භාෂාවන්හි අක්‍ෂර දැක්වීම සඳහා භාවිතා කරන යුනිකෝඩ් කේත ක්‍රමය අනුව සිංහල අක්‍ෂර මාලාව කේත ගත කිරීම සඳහා 1997 දී යුරෝපීය පර්යේෂකයින් කණ්ඩායමක් යුනිකෝඩ් ආයතනය (Unicode consortium) ට ISO 10646 පාදක කොට ගෙන යෝජනාවක් ඉදිරිපත් කොට තිබුණි.  මෙහි සිංහල අක්‍ෂරමාලාව ඉතා විකෘතව දක්වා තිබූ අතර විශාල අඩුපාඩු හා වැරදි බහුලව අඩංගු විය.  සින්ටෙක් ආයතනය හා කොළඹ සරසවිය මූලිකව 1997 දී සිංහල අක්‍ෂර මාලාව හා එයට අදාල යුනිකෝඩ් කේත ක්‍රමය පිළිබඳ  යෝජනාවක් යුනිකෝඩ්  වැඩ කණ්ඩායම (Unicode Working Group) ට ඉදිරිපත් කරන ලදී.  මෙය 1998 වසරේදී සුළු වෙනස් වීම් කිහිපයක් සහිතව සම්මත වූ අතර එය 3 වන යුනිකෝඩ් සංස්කරණයේ අඩංගු විය.  මෙයට අනුකූල වන සේ 2001 දී SLS 1134 ප්‍රමිතිය සංශෝධනය කරන ලදි.  සින්ටෙක් ආයතනය විසින් මේ සඳහා සුදුසු යතුරු පුවරුව ලෙස රාජ්‍ය අංශය බහුලව භාවිතා කරන විජේසේකර යතුරු පුවරුව අනුමත කරන ලදී.  ඉලෙක්ට්‍රොනික යතුරු ලියන සඳහා ‘විස්තීර්ණ විජේසේකර යතුරු පුවරුව’ ලෙස මෙය නම් කොට  මේ සඳහා රජයේ අනුමැතිය ලබා ගන්නා ලදි.  මෙහි ‘‍ෆ’ ව්‍යාංජනාක්‍ෂරය ඇතුලත් වූ අතර තවත් අමතර යතුරු ස්ථාන 3ක් හඳුන්වා දුනි.

එසේ වුවද  මෙය නැවත වරක් 2002 වසරේදී යතුරු 101ක් අඩංගු යතුරු පුවරුව සඳහා සංශෝධනය කරන ලදී.  මෙම කේත වගුව සහ යතුරු පුවරුවේ සැකැස්ම මුල්ම සිංහල ලිපි සැකසුම් මෘදුකාංගයක් වූ ‘වදන් තරුවෙහි’ භාවිතා කරන ලදී.  ඉන්පසු කොළඹ සරසවිය නිර්මාණය කළ ත්‍රෛභාෂික මෘදුකාංගයක් වූ ‘සරසවි’යේ ද මේවා භාවිතා වුනි.
5. යුනිකෝඩ් අනුකූල සිංහල ‍ෆොන්ට් සඳහා කමිටුවක් පත් කිරීම

1999 දී සින්ටෙක් ය‍ටතේ වූ ‘අන්තර්ජාල කමිටුව’ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සංවර්ධනය හා භාවිතය වැඩි නොවීමට ප්‍රධාන බාධාව ලෙස දේශීය භාෂාවලින් අන්තර්ජාල අන්තර්ගතයන් අඩු වීම බව තීරණය කරන ලදී.  එසේම උසස් තත්වයෙන් යුත්, නිදහස් සහ ප්‍රමිතිගත සිංහල ෆොන්ට් තිබේ නම් සිංහල අන්තර්ගතයන් ඇති වනු ඇති බවට ද කමිටුව තීරණය කළේය.  මෙහි පළමු ප්‍රතිඵලය ලෙස යුනිකෝඩ් අනුකූල සිංහල ෆොන්ට් සඳහා කමිටුවක් 2002 දෙසැම්බර් මස දී  පත් කෙරිණ.  මෙම කමිටුව ප්‍රධාන ක්‍ෂේත්‍ර 4කට අවධානය යොමු කරන ලදී.  1. සිංහල අක්‍ෂර මාලාව සඳහා සම්මත කේත ක්‍රමයක්  2. සිංහල යුනිකෝඩ් ෆොන්ට් නිර්මාණය 3. සම්මත සිංහල පරිගණක යතුරු පුවරුව  4. ප්‍රමිතිගත පරිගණක යෙදුම් හා උපයෝගී මෘදුකාංග නිපදවීම (උදා- අක්‍ෂර වින්‍යාස පරීක්‍ෂාව)   මෙම කමිටුවට පහත සඳහන් නිලධාරීන්‍ අඩංගු විය.

    
        ආචාර්ය ගිහාන් ඩයස්,   ශ්‍රී ලංකාවේ වෙබ් වසම් නාම රෙජිස්ට්‍රාර් (.lk Domain Name Registrar - Chair), ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ප්‍රධානී, පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය, මොරටුව විශ්ව විද්‍යාලය
        මහාචාර්ය ජේ.බී. දිසානායක, සිංහල අංශය, කොළඹ විශ්ව විද්‍යාලය
        අමරා නානායක්කාර මිය, පුස්තකාලාධිපතිනි, ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සභාව
        ලලිත් ද සිල්වා මහතා, නියෝජ්‍ය මුද්‍රණාලයාධිපති, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
        අභය අමරදාස මහතා, ප්‍රධානී, ලේකහවුස් ආයතනය
        අනුර තිසේරා මහතා, ආයතන ප්‍රධානී, ලේක්හවුස් ආයතනය
        එච්. නවීන් ගුණරත්න මහතා, විජය ප්‍රකාශන
        නිරංජන් මීගම්මන මහතා, ප්‍රධාන තාක්‍ෂණික, ඉෆියුෂන් ආයතනය
        ආචාර්ය රුවන් වීරසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශය
        හර්ෂ විජේවර්ධන මහතා, උපදේශක, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශය
        පද්මා ජයවීර මිය, කොමසාරිස්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
        අරුණි ගුණතිලක මිය, සහකාර අධ්‍යක්‍ෂිකා, සින්ටෙක් ආයතනය
        මහචාර්ය වී.කේ. සමරනායක, අධ්‍යක්‍ෂ, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශය
        එස්.ටී. නන්දසාර මහතා, සම්බන්ධිකරණ නිලධාරී, පරිගණක අධ්‍යයනාංශය, කොළඹ විශ්ව විද්‍යාලය

6. ඉක්ටා හා සිංහල අවශ්‍යතා කමිටුව

2003 වසරේදී (තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය) ඉක්ටා ආයතනය ඇති කිරීමත් සමගම ඉහත කටයුතුවල වගකීම ඉක්ටා ආයතනයට පැවරුනු අතර යුනිකෝඩ් ෆොන්ට් කමිටුව එතැන් සිට භාෂා අවශ්‍යතා වැඩ කණ්ඩායම (SinhalaRequirement Committee) නමින් ක්‍රියාත්මක විය.

මෙම කමිටුව විසින් සිංහල යුනිකෝඩ් කේත ක්‍රමය දියුණු කිරීම සඳහා කටයුතු කළ අතර ඒ වන විට එහි තිබුණු පහත දැක්වෙන අඩුපාඩු සැලකිල්ලට ගන්නා ලදී.

    බැඳි අකුරු සඳහා කේතන ක්‍රම නැති වීම.
    යන්සය, රකාරාංශය හා රේපය සඳහා කේතන ක්‍රම නැති වීම.
    ව්‍යාංජනාක්‍ෂරවලට බහු ස්වර එක් වූ අවස්ථාවල දී වර ගැනිම් සඳහා මග පෙන්වීමක් නොමැති වීම.
    ප්‍රමිති ගත නොවූ අක්‍ෂර සඳහා කේතන ක්‍රම නොමැති වීම.

මේ සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා අනුව නැවත 2004 වසරේදී SLS 1134 සංශෝධනය කරන ලදී.
7. මෙහෙයුම් පද්ධති මගින් සිංහල යුනිකෝඩ් සහාය

වින්ඩෝස් 95 වැනි මෙහෙයුම් පද්ධති බිටු 8 මගින් දක්වන කේත ක්‍රම සඳහා අනුකූල වූ නමුත්යුනිකෝඩ් සඳහා ඒය සහාය නොදක්වීය.  වින්ඩෝස් 2000 බිටු 16හි යුනිකෝඩ් සඳහා සහාය දැක්වූවත් සංකීර්ණ අක්‍ෂර එමගින් පෙන්විය නොහැක.  වින්ඩෝස් XP යුනිකෝඩ් හරහා සංකීර්ණ අක්‍ෂර දැක්වුව ද අක්‍ෂර ඇතුල් කිරීමේ (input method) අඩුපාඩු තිබුණි.

යුනිකෝඩ් සහාය ලබා ගැනීමට වින්ඩෝස් විසින් යොදා ගන්නා යුනිස්ක්‍රයිබ් යුනිකෝඩ් ස්ක්‍රිප්ට් ප්‍රෝසසරය භාවිතා කරයි. එය ඇතුලත් කොට මයික්‍රොසොෆ්ට්, මයික්‍රොඉමේජ්, එක්සත් ප්‍රවෘත්ති සමාගම, කොළඹ සරසවියේ පරිගණක අධ්‍යනායතනය හා එක්ව ඉක්ටා මගින් වින්ඩෝස් XP තුල සිංහල යුනිකෝඩ් එතුල නිවැරදිව පණ ගැන්වීමට යොදා ගත හැකි මෘදුකාංගයක් 2005 දී නිකුත් කරන ලදී.  මෙ මගින් යුනිකෝඩ් භාවිතයේ වින්ඩෝස් XP තුල තිබූ ගැටළු සමනය විය.  වින්ඩෝස් XP හි තිබූ ගැටළු කිහිපයක් වින්ඩෝස් විස්ටා තුලටද රිංගා තුබූ අතර 2007 ජූලි මස එය නිවාරණය සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම ඉක්ටා හි සහයෝගයෙන් මෘදුකාංගයක් නිකුත් කරන ලදී.

2004 වසරේදී මයික්‍රොසොෆ්ට් නිපදවූ ඉස්කෝල පොත නැමැති ෆොන්ටය  වින්ඩෝස් සඳහා වූ සිංහල මෘදුකාංගවල මූලික ප්‍රධාන ෆොන්ටය ලෙස භාවිතා වූ    අතර එය SLS 1134 හි අකුරු දැක්වීමට ද භාවිතා කරන ලදි.

ලිනක්ස් පාදක සියලු මෙහෙයුම් පද්ධති 2004 වසරේ සිට ක්‍රමානුකූලව සිංහල සහාය දැක්වීමට පටන් ගන්නා ලදී.
8. කාර්යාලීය සංක්‍රීයන මෘදුකාංග

ඔෆිස් XP 2005 දීත් ඔෆිස් 2007 නිකුත් කළ වහාමත් සිංහල යුනිකෝඩ් සහාය දැක්විය.  ‍ඕපන් ඔෆිස් 2005 සිටම සිංහල යුනිකෝඩ් දැක්විය.
9. සිංහල යුනිකෝඩ් සමූහය

2006 වසරේදී සිංහලෙන් පරිගණකකරණය සඳහා “කපුටා” අකුරු සැපයූ ඉෆියුෂන්  සමාගමේ මූලිකත්වයෙන් ගූගල් සිංහල යුනිකෝඩ් සමූහය ආරම්භ කරන ලදි.  මෙමගින් සිංහල යුනිකොඩ් හා අදාල කරුණු සාකච්ඡා කෙරේ.

10. www.fonts.lk  වෙබ් අඩවිය හා www.siyabas.lk වෙබ් අඩවිය

සිංහල යුනිකෝඩ් සහාය ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු සහ මෘදුකාංග ශ්‍රී ලාංකික ජනතාවට ලබා දීම පිණිස fonts.lk 2004 වසරේදී ඉක්ටා වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශය විසින් පිහිටුවන ලදී.  සිංහල යුනිකෝඩ් මෘදුකාංග ලබා දෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස වසර කිහිපයක් ම fonts.lk ක්‍රියා කළ අතර 2007 වසරේ දී ඉක්ටා ආයතනය ශ්‍රී ලාංකික යුනිකෝඩ් ප්‍රජාවේ සහයෝගයෙන් භාෂා ත්‍රයෙන්ම www.siyabas.lk , www.locallanguages.lk හා www.emathumozhihal.lk ලෙස වෙබ් අඩවි 3ක් එළි දැක්වීය.

            2014-multimedia-contest

 

 

 Clike this  www.worldpressphoto.org/multimedia-gallery/2014-multimedia-contest 

හුඟ දෙනෙක් අපෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමා ඇන්ඩ්‍රොයි ෆෝන් එකෙන් එහෙම නැතිනම් ටැබ්ලට් එකෙන් උපසිරස බලන්නේ කොහොමද කියලා ? අද අපි කියන්න යන්නේ ෆෝන් එක රූට් කරන්නේ නැතුව සිංහල උපසිරස බලන්නේ කොහොමද කියලා.

http://www.baiscopelk.com/31641-2/

Asela Sampath
 Abraham Lincoln

Lincoln warned the South in his Inaugural Address: "In your hands, my dissatisfied fellow countrymen, and not in mine, is the momentous issue of civil war. The government will not assail you.... You have no oath registered in Heaven to destroy the government, while I shall have the most solemn one to preserve, protect and defend it."

Lincoln thought secession illegal, and was willing to use force to defend Federal law and the Union. When Confederate batteries fired on Fort Sumter and forced its surrender, he called on the states for 75,000 volunteers. Four more slave states joined the Confederacy but four remained within the Union. The Civil War had begun.

The son of a Kentucky frontiersman, Lincoln had to struggle for a living and for learning. Five months before receiving his party's nomination for President, he sketched his life:

"I was born Feb. 12, 1809, in Hardin County, Kentucky. My parents were both born in Virginia, of undistinguished families--second families, perhaps I should say. My mother, who died in my tenth year, was of a family of the name of Hanks.... My father ... removed from Kentucky to ... Indiana, in my eighth year.... It was a wild region, with many bears and other wild animals still in the woods. There I grew up.... Of course when I came of age I did not know much. Still somehow, I could read, write, and cipher ... but that was all."

Lincoln made extraordinary efforts to attain knowledge while working on a farm, splitting rails for fences, and keeping store at New Salem, Illinois. He was a captain in the Black Hawk War, spent eight years in the Illinois legislature, and rode the circuit of courts for many years. His law partner said of him, "His ambition was a little engine that knew no rest."

He married Mary Todd, and they had four boys, only one of whom lived to maturity. In 1858 Lincoln ran against Stephen A. Douglas for Senator. He lost the election, but in debating with Douglas he gained a national reputation that won him the Republican nomination for President in 1860.

As President, he built the Republican Party into a strong national organization. Further, he rallied most of the northern Democrats to the Union cause. On January 1, 1863, he issued the Emancipation Proclamation that declared forever free those slaves within the Confederacy.

Lincoln never let the world forget that the Civil War involved an even larger issue. This he stated most movingly in dedicating the military cemetery at Gettysburg: "that we here highly resolve that these dead shall not have died in vain--that this nation, under God, shall have a new birth of freedom--and that government of the people, by the people, for the people, shall not perish from the earth."

Lincoln won re-election in 1864, as Union military triumphs heralded an end to the war. In his planning for peace, the President was flexible and generous, encouraging Southerners to lay down their arms and join speedily in reunion.

The spirit that guided him was clearly that of his Second Inaugural Address, now inscribed on one wall of the Lincoln Memorial in Washington, D. C.: "With malice toward none; with charity for all; with firmness in the right, as God gives us to see the right, let us strive on to finish the work we are in; to bind up the nation's wounds.... "

On Good Friday, April 14, 1865, Lincoln was assassinated at Ford's Theatre in Washington by John Wilkes Booth, an actor, who somehow thought he was helping the South. The opposite was the result, for with Lincoln's death, the possibility of peace with magnanimity died.

The Presidential biographies on WhiteHouse.gov are from “The Presidents of the United States of America,” by Frank Freidel  and Hugh Sidey. Copyright 2006 by the White House Historical Association.